English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනියට එල්ල කරනු ලබන ප‍්‍රහාරයන්ට සිවිල් සමාජයේ විරෝධය
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඉලක්කරමින් මහින්ද රාජපක්ෂ රෙජීමය නියෝජනය කරනු ලැබු සමහර විශ‍්‍රාමික හමුදා නිලධාරීන් විසින් දිගින් දිගටම කරනු ලබන ප‍්‍රහාරයන් හෙලා දකිමින් ලංකාවේ ප‍්‍රමුඛ සිවිල් සංවිධාන 37ක් ඇතුලූ සිවිල් සමාජ කි‍්‍රයාධරයන් 170ක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත්වූ ස්වාධීන කොමිෂන් සභා අතරින් ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමත්, ප‍්‍රවර්ධනය කිරීමත් සම්බන්ධව ඉතා වැදගත් ප‍්‍රතිපත්තිමය හා ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ග රාශියක් කි‍්‍රයාත්මක කිරීමට ඉතා නිර්භීතව කටයුතු කළ මානව හිමිකම් කොමිෂන් සභාවට මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පිළිබදව මෙලෝ අවබෝධයක් නැති යුධමය මානසිකත්වයකින් පෙලෙන කිහිප දෙනෙකු විසින් දැනට කාලයක සිට විවිධාකාරයේ විවේචන මෙන්ම තර්ජනයන්ද කරමින් සිටී.

පසුගියදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී නැවත එවැනි තර්ජනාත්මක විවේචනයක් එල්ල කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ රෙජීමයේ න්‍යාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබන විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු වූ සරත් වීරසේකර විසිනි. ඔහුට අනුව ඔහු නියෝජනය කරන කදවුර දේශපේ‍්‍රමී වන අතර, අන් සියලූම දෙනා දේශදෝහීන් වේ. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලූම දෙනා දේශදොහීන් ලෙස ඔහු සලකනු ලබයි. අනාගතයේ ඔවුන්ගේ රජයක් පත්වීමෙන් පසුව එසේ දේශදොහී ලෙස ඔවුන් විසින් නම් කරනු ලබන්නන් එල්ලා මරා දැමිය යුතු බවට ද ඔහු ප‍්‍රකාශ කරයි.

දරුණු යුද්ධයකින් පසුව ඊට සම්බන්ධ වූ නිලධාරීන් ද සමාජයට මුදා හැරීමට පෙර යම් කිසි පුනරුත්තාපන කි‍්‍රයාවලියකට ලක් විය යුතුව තිබුනත්, පසුගිය රජය ඒ සම්බන්ධව අවධානයක් නොකිරීමත්, ඉන් නොනැවතී ඔවුන් ජාතික දේශපාලන කි‍්‍රයාකාරීත්වයට ගෙන ඒමත් හේතුවෙන් අද වන විට මෙම විකෘර්ති තත්ත්වය නිර්මාණය වී තිබේ. මෙම විකෘර්තිය නිසා සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් නිරෝගීව කටයුතු කරන සැම රෝගීන් හා දේශදෝහීන් ලෙසත් පෙනෙන්නට පටන් ගෙන තිබේ.

වත්මන් රජයවත් වහාම මේ පිළිබදව අවධානය යොමු කර මෙම තත්ත්වය තව තවත් වර්ධනය වීම වැලැක්වීම සදහා කටයුතු කළ යුතුව ඇත.

සිවිල් සමාජය විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය PDF මගින් බාගත කළ හැක      
   



 Download PDF

2018-07-16
Advertisement

Find us on Facebook