English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත බදාදා කමිටුවට

සම්පාදනය කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පත බදාදා රැස්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට බාරදීමට නියමිත බව එම කමිටුවේ සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ මෙසේ බාරදීමට නියමිත ඇත්තේ දැනට තිබෙන මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සහ අනු කමිටු හයේ වාර්තා පදනම් වූ දළ කෙටුම්පතක් බවයි.

විවිධ පක්ෂ ඒ පිළිබඳව දැක්වූ වෙනස් වෙනස් අදහස් පිළිබඳ සටහනක් ද මෙම කෙටුම්පතට ඇතුළත් බව ඒ මහතා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම දළ කෙටුම්පත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡුා සඳහා පාදක කරගන්නා ලියවිල්ලක් පමණක් වන බවයි.

 

උපුටාගැනීම - ලංකා නිව්ස් වෙබ්




2018-07-16
Advertisement

Find us on Facebook