English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


බුද්ධිමතුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට, බුද්ධිමතුන්!

රාජ්‍ය නිලධාරීන් සහ බුද්ධිමතුන් ඉලක්ක කරමින් ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩකාරී ප‍්‍රකාශයන් පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරු බලවත් විරෝධය විරෝධය පළ කර සිටිති. විශ්ව විද්‍යාල ගණනාවක මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් විසින් අත්සන් කර නිකුත් කර තිබෙන නිවේදනයක මේ බව සඳහන් වේ. එහි මෙසේද සඳහන්ය.

“නව ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව කටයුතු කරන දේශදෝහීන් ලෙස සැලකිය යුතු බව විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සැදුම්පත් පිරිසක් විසින් මීට මාස කිහිපයකට ඉහතදී මාධ්‍යයට ප‍්‍රකාශ කිරීමට යෙදිණි. එවන් පුද්ගලයන් අධිකරණයක් හමුවට පමුණුවා සිය දේශද්‍රෝහී ක්‍රියාවන් මරණීය දණ්ඩනයට ලක් කළ යුතු බවත්, ඉදිරියේදී බිහිවන නව දේශපාලන නායකත්වයක් යටතේ ඒ සඳහා පියවර ගන්නා බවත්, වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණි. පසුගිය මාස කිහිපය පුරාවටම නීතියේ ආධිපත්‍යයට ඉහළින් සිදුකෙරුණු මෙවන් ප‍්‍රකාශ මාධ්‍ය මගින් පුළුල් ලෙස ප‍්‍රචාරයට ලක් කෙරිණි. එවන් ප‍්‍රකාශ සහිත වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙහි බහුලව සැරිසරමින් පවතී.

මෙම භයානක සහ ප‍්‍රචණ්ඩකාරී ප‍්‍රවනතාවයේ නවතම ප‍්‍රකාශනය ලෙස 2018 ජූනි 29 දිනැති මව්බිම පුවත්පතේ පළවුනු ලිපියකින් හඳුනාගත හැකිය. එම ලිපිය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය මෙන්ම ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකද වන ආචාර්ය දීපිකා උඩගම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සමග එකතුව ශ්‍රී ලංකාවේ හමුදාවන් අවතක්සේරුවට ලක් කිරීමේ අභිලාෂයෙන් කටයුතු කරන මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් පෙනී සිටින තැනැත්තියක වශයෙන් නිර්දය විවේචනයට භාජනයට ලක් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා හමුදා සමාජිකයන්ට එක්සත්     ජාතීන්ගේ සාම සාධක හමුදාව හා එක්වීමට තිබූ අවස්ථාව ඇහිරීම පිළිබඳව ද ආචාර්ය උඩගම මහත්මිය වෙත චෝදනා එල්ල කොට ඇත. ඉංග්‍රීසි පුවත්පතක පළවූ මෙම පදනම් විරහිත චෝදනාව පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව මේ වන විටත් ප‍්‍රතිචාර දක්වා ඇත. උක්ත ප‍්‍රකාශය වැනි ප‍්‍රකාශ හුදෙක් මානව හිමිකම් සභාවේ සභාපතිනිය පමණක් ඉලක්ක කරගත් තර්ජන නොවේ. ඒවා එවන් ප‍්‍රකාශ සිදුකරන්නන්ගේ දේශපාලන දෘෂ්ටිය හා එකග නොවන සමස්ත රාජ්‍ය නිලධාරීන්, බුද්ධිමතුන් සහ පුරවැසියන් ඉලක්ක කරගත් තර්ජන සේ සැලකිය හැකිය. ජීවත්වීමේ නිදහස සහ පුද්ගල ආරක්ෂාව යන මූලික සිද්ධාන්ත තර්ජනයට ලක් කෙරෙන මෙවන් වෛරී ප‍්‍රකාශ රටේ පවත්නා නීතිය යටතේ දඩුවමට භාජනය විය යුතු ප‍්‍රකාශ වේ. මෙවන් ප‍්‍රකාශ මගින් පිළිඹිඹුවන අපරාධාත්මක සහ ෆැසිස්ට්වාදී මනෝභාවය හා චින්තනය සමාජයේ ඇතැම් කොටස් විසින් පහසුවෙන් වැළඳගනු ලබමින් සිටින බව කණගාටුවෙන් සඳහන් කර සිටිමු.  

සිදු කෙරෙමින් පවතින මෙවන් ප‍්‍රකාශයන්හි සාහසිකත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය නිලධාරීන්, බුද්ධිමතුන් සහ සමස්ත පුරවැසියන්ගේ ජීවිත අවදානමට ලක් කෙරෙන මෙවන් ප‍්‍රචණ්ඩකාරී ප‍්‍රකාශ වලක්වාලීම සඳහා රජය සිය මූලික අවධානය යොමු කොට ඉක්මන් පියවර ගත යුතු බව අපි අවධාරණය කර සිටිමු. එමෙන්ම තමන් විසින් පත් කරන ලද මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වැනි රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම කතානායකවරයාගේ මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක් බව අවධාරණය කර සිටිමු. පුද්ගල ජීවිත අවදානමට ලක් කෙරෙන මෙවන් ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශයන් පළ කිරීමෙන් අනාගතයේදී හෝ වැළකී සදාචාරාත්මක සහ වගකීම් සහගත මාධ්‍ය කලාවක නිරතවන මෙන් මාධ්‍ය ආයතනවලින් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.”               

 

උපුගැනීම ලංකා පුවත්පත       




2018-07-16
Advertisement

Find us on Facebook