English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඒ මහින්ද මේ මහින්ද ව ජයග‍්‍රහණය කරවයි ද ?


ආචාර්ය මහින්ද බාලසූරිය මහතා මේ වන විට රාජ්‍ය දුතමෙහෙවරක යෙදි සිිටින අතර ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රි ලංකා තානාපතිවරයා ලෙසය. එළඹෙන ජනාධිපතිවරණයේදි "ජයග‍්‍රහණය" යන අවශ්‍යතාවය මුදුන්පමුණුවා ගැනීමෙහිලා ආණ්ඩු බලය, ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ තානාපති ධුරය අහෝසිකර දමා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඇති කිනම් හෝ බලතලයකට මහින්ද බාලසූරිය මහතා අනුගතකරවන්නට යන ආරංචියක් මාධ්‍ය තලයේ පවතියි.

එවකට ශ‍්‍රි ලංකා පොලිසියේ ඉහළම අසුනක වගකීම දරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සිය කීකරුමේ හෘදයාංගම සේවාවක් සපයමින් විශ්වාසය දිනාගත් ආරක්‍ෂක අංශ ප‍්‍රධානියෙක් ලෙසට ඉදිරි ජනාධිපතිවරණයේ "ජයග‍්‍රහණය" සඳහා පොලීසියේ සහය ලබාගැනීමේ අභිලාෂයෙන් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ විශ්වාසනීය සේවාව යළිත් ලබාගැනිමට ආණ්ඩු පක්‍ෂය සැළැසුම් කර ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව, පොලිසියේ සහය ආණ්ඩුවට ලබාගත හැකි ආකාරයෙන් පොලිසිය මෙහෙයවීම සඳහා පොලිසිය අයත් වන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාව පත්කිරීමට යෝජනාවක් , සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි සිදුවී ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේ සියලූම කටයුතු ආණ්ඩුවට වාසි සහගත ලෙසට පවත්වා ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය පොලිස් බලය යොදවා ගැනීමට පහසුවන ආකාරයේ පුද්ගලයෙකු ඉහත තනතුරේ රැදී සිටිය යුතු සේම ඔහු ආණ්ඩුවට හිතෛෂි විශ්වාසනීයවු පුද්ගලයෙකු විය යුතු බැවින් ඒ සඳහා දැනට සිටින එකම සුදුසුම පුද්ගලයා මහින්ද බාලසූරිය මහතා බව ආණ්ඩු පක්‍ෂයේ එම සාකච්ඡාවේදි ලක්වී ඇත.  

නීතය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පසුගිය වසරේ අගෝස්තු මාසයේදි පිහිටුවනු ලැබූ අතර වර්තමාන ලේඛම් ලෙසට හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙකු වු නන්ද මල්ලවාරච්චි මහතා සේවය කරනු ලබයි. එහෙත් ආණ්ඩුපක්‍ෂය අපේක්‍ෂා කරන ආකාරයේ ප‍්‍රබල මැදිහත් කමක් ලබාගැනීමට නන්ද මල්ලිවාරච්චි මහතා පාවිච්චි කිරීමට නොහැකි යැයි සාකච්ඡාවි ඇත.

"නන්ද මල්ලවාරච්චි දක්‍ෂ පිරිස් කළමණාකාරවරයෙක් නමුත් අපට වාසි සහගත ලෙසට පොලිස් බලය යොදවලා මැතිවරණයක ජයග‍්‍රහණය ලබාදෙන්නට තරම් දක්‍ෂයෙකු නොවෙයි." යැයි ප‍්‍රකාශ වී ඇත.

-MMP






2014-09-06
Advertisement

Find us on Facebook