English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දේශද්‍රෝහීන්ට දඩුවම මරණය - නැවතත් කරලියට
                         

ශී‍්‍ර ලංකාව යනු දේශපේ‍්‍රමීන්ගෙන් ගහන රටකි. මෙම දේශපේ‍්‍රමීන් තම දේශපාලන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින බව නිතර දෙවේලේ ප‍්‍රකාශ කරති. ඔවුන්ගේ මෙම ඊනියා දේශපේ‍්‍රමීත්වයට එරෙහි වන හෝ වෙනස් මතයක් දරණ හෝ සියලූම දෙනා දේශද්‍රෝහීන් ලෙස හදුන්වනු ලබන අතර, එම දේශදොහීන් මරා දැමිය යුතු බවට ද ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරති.

කලින් කලට මෙම දේශදෝහී ලේබලය විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් තවත් කෙනෙකු හෝ සංවිධානයක් වෙත එල්ල කරුනු ලැබුවත් මේ වන විට එය තරමක් වෙනස් වී තිබේ. ඒ අද වර්තමාන රජය වෙතද මෙම දේශද්‍රෝහී ලේබලය අලවා තිබීම නිසාය. නිදහසින් පසුව රජයක් වෙත දේශදෝහී ලේබලය ඇලවූ පළමු අවස්ථාව ද මෙය විය හැක. මෙම දේශද්‍රෝහීන් අතරට වර්තමානයේ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවත්, එහි සභාපතිනියත් ඇතුලත් කර තිබේ.

පසුගිය ජුනි 28 වැනිදා පැවැති මාධ්‍ය හමුවක දී හිටපු හමුදා නිලධාරියෙකු වූ සරත් වීරසේකර කියා සිටියේ දේශපේ‍්‍රමී ආණ්ඩුවක් යටතේ සියලූම දේශදෝහීන්ට මරණ දඩුවම ලබා දිය යුතු බවයි. ඔහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ආණ්ඩුව කොටි ත‍්‍රස්තාවදීන්ට හිස එසවීමට අවස්ථාව දෙන ගමන් ආරක්ෂක අංශ අධෛර්්‍යමත් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව වර්තමාණ ආණ්ඩුව දේශද්‍රෝහීන් වී ඇති බවයි. වර්තමාන මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව සාම සාදක හමුදාවට මෙරට හමුදා යැවීම නතර කර ඇති බවත් පවසා තිබුනි. ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව හා එහි සභාපතිනිය ද දේශද්‍රෝහී ගොන්නට අලූතින් ඇතුලත් කර තිබේ.

මෙවැනි දේශපේ‍්‍රමී අදහස් බොහෝ විට ප‍්‍රකාශ කරනු ලබන්නේ පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ මේ වන විට විවිධ චෝදනාවන්ට වක‍්‍රව හෝ සම්බන්ධ බලවේගයන් නියෝජනය කරන පුද්ගයන් විසිනි. මේ අය සැම විටම ප‍්‍රකාශ කරන්නේ පසුගිය රජයේ දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, හෝ රාජ්‍ය ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව කොපමණ චෝදනා ඉදිරිපත් වුවත් ඒ සම්බන්ධව කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන ලෙසයි. එවැනි කි‍්‍රයා සිදු කරන්නේ නම් එය දේශපේ‍්‍රමීන්ට එරෙහිව සිදු කරනු ලබන දේශද්‍රෝහී කි‍්‍රයාවක් බවත් ඔවුන් පෙන්වා දේ.
නිදහසින් පසුව මෙම දේශපේ‍්‍රමී හා දේශද්‍රෝහී අදහස මුලින්ම ඉතා ප‍්‍රබලව ජනගත කරනු ලැබුවේ අසුව දශකයේ දකුණු ප‍්‍රදේශ ඉලක්කරමින් කි‍්‍රයාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඔවුන් විසින් ගොඩනැගූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කරුනු ලැබූ ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයින් ඇතුලූ විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කළ හා රාජ්‍ය නිලධාරීන්, කාලාකරුවන් ඇතුලූ පුද්ගලයන් විවිධාකාරයෙන් ඝාතණය කරනු ලැබීය. ඉන් පසුව එම දේහය අසල පුවරුවක් එල්ලා යන අතර එහි සදහන් වුයේ දේශද්‍රෝහීන්ට දඩුවම මරණය යන්නයි.
ක‍්‍රමයෙන් එම දේශපේ‍්‍රමී ව්‍යාපාරය රජ්‍ය ආරක්ෂ අංශ වෙතද තම ප‍්‍රචන්ඩත්වය දිග හරිනු ලැබූ විට ඉන් ප‍්‍රයෝජනගත් එවකට පැවති ආණ්ඩුව එම දේශපේ‍්‍රමී ව්‍යාපාරයට වඩා වැඩි ප‍්‍රචන්ඩත්වයක් දියත් කරමින් එය බිමට සමතලා කරනු ලැබීය. එම කැරැල්ල කෲර ලෙස මර්ධනය කළ රාජ්‍ය ආරක්ෂක අංශ පසුව දේශපේ‍්‍රමීන් බවට පත් විය.

එදා එම දේශපේ‍්‍රමී හා දේශදෝහී අරගලයෙන් විනාශ වූ මිනිස් ජීවිත හා මහජන දේපල ප‍්‍රමාණය පිළිබදව නිවැරදි තොරතුරක් හෝ තක්සේරුවක් ලබා ගැනීමට තවමත් නොහැකිව ඇත. එමෙන්ම, එදා එම දේශපේ‍්‍රමී ව්‍යාපාරයේ නිරතව සිට ඉතිිරි වූ කිහිප දෙනාට ද, ජන සමාජයට ද දා වූ ඒ විනාශය පිළිබදව සොයා බැලීමට හෝ නැවත එවැන්නක් ඇති නොවීමට පියවර ගැනීම පිළිබදව වුවමනාවක් නොවීය.

මෙම ඛේදවාචකයට පසුබිම් වූ දේශපාලන ව්‍යාපාරයන් හා ඊට වගකිවයුතු රජයන් විසිනුත් ඉතා පහසුවෙන් එම අතීතය ඉක්මනින් අමතක කර දමා, එවැන්නක් කිසි දා අපේ රටේ සිදු නොවූ ආකාරයට කටයුතු කරනු ලැබීය. අපේ ජන සමාජයද ඊට අනුමැතිය ලබා දෙමින් එසේ අමතක කර දැමීමේ මෙහයුමට නිහඩ සහායක් ලබා දෙනු ලැබීය.  
ඒ අනුව බොහෝ දෙනා ඒ සියල්ල අමතකර ඉතා සතුටින් නැවත කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවත්, ඉතා කෙටි කාලයක් තුළ නැවතත් එවැනි දේශපේ‍්‍රමී ව්‍යාපාරයක කි‍්‍රයාකාරීත්වයක් ගැන අසන්නට ලැබුනි. මෙවර එය අසන්න ලැබෙන්නේ දකුණින් නොව උතුරින් වන අතර ඊට සිංහල තරුණයින් වෙනුවට දෙමළ තරුණයින් සම්බන්ධ වී තිබුනි. දකුණේ තරුණයින් මුලූ රටේම පාලන බලය ලබා ගැනීම සදහා තම ප‍්‍රචන්ඩත්මය මුදා හැර තිබු අතර, උතුරේ තරුණයින් රටෙන් කොටසක් ලබා ගැනීම සදහා තම ප‍්‍රචන්ඩත්වය මුදා හැර තිබුනි. එම වෙනස්කම් දෙක හැරෙන්නට මෙම කැරළි දෙකේම අරමුණු බොහෝ දුරට සමාන විය.  

තම දේශපාලන විරුද්ධවාදීන් හෝ වෙනස් මත දරන්නන් ඝාතණය, රාජ්‍ය දේපල විනාශ කිරීම, ඇතුලූ දකුණේ ගොඩනැගුණු දේශපේ‍්‍රමී ව්‍යාපාරයට බොහෝ සමානකම් උතුරේ ගොඩනැගුනු දේශපේ‍්‍රමී ව්‍යාපාරය තුළ එහි ආරම්භයේ පැවතුනි. දකුණේ ආරම්භ වූ දේශපේ‍්‍රමී ව්‍යාපාරය අවුරුදු තුනක් ඇතුලත ආරක්ෂක අංශයන්ට සහමුලින්ම පාලනය කර ගැනීමට හැකි වුවත් උතුරේ ආරම්භ වූ දේශපේ‍්‍රමී ව්‍යාපාරය පාලනය කිරීමට දශක 3කට වැඩි කාලයක් වැය කිරීමට සිදු වීම නිසා එය වඩ වඩාත් ප‍්‍රචන්ඩ විය. 

ආරම්භයේ දී උතුරේ දේශපේ‍්‍රමීන්  ව්‍යාපාරය විසින් මුදාහල ප‍්‍රචන්ඩත්වයට සමාන ප‍්‍රචන්ඩත්වය රජය විසින් මුදා හල කල එම දේශපේ‍්‍රමී ව්‍යාපාරය තම ඉලක්කය වෙනස් කරමින් සාමාන්‍ය නිරායුද ජනයා ද, රජයේ ප‍්‍රධාන ආර්ථික මර්මස්ථානය ද ඉලක්ක කරමින් තම ප‍්‍රහාර තීව්ර කරන්නට විය. ඊට ප‍්‍රතිචාර දැක්වූ රජයන් දකුණේ කැරලි මර්ධනයෙන් ලද අත්දැකීම්ද පදනම්ව ඊට වඩා වැඩි ප‍්‍රචන්ඩත්වක් ද මුදා හරිමින් පසුව ඇමරිකාව, ඊශ‍්‍රාලය, ඉන්දියාව, චීනය වැනි අනෙකුත් රටවල ද සහයෝගයෙන් එම කැරැුල්ල ද කෲර ලෙස මර්ධනය කරනු ලැබීය.
මෙහි දී දකුණේ කැරුල්ල මර්ධනය කිරීම සදහා ආරක්ෂක අංශයන්ට ලබා දුන් සහායට වඩා වැඩි සහායක් උතුරේ කැරුල්ල මර්ධනය කිරීම ස`දහා විශේෂයෙන් බෞද්ධ භික්ෂූන්ගෙන් හා අති බහුතරයක් වූ සිංහල ජනතාවගේ සහාය රජය වෙත දෙනු ලැබීය. එසේ සහාය ලබා දීම දේශපේ‍්‍රමී වු අතර, සාමය ගැන හෝ එම යුද්ධයේ ඇති කෲරත්වය ගැන කතා කිරීම දේශද්‍රෝහී කි‍්‍රයාවක් විය.

කෙසේ හෝ මෙරට බහුතරය අපේක්ෂා කළ ආකාරයෙන් සියල්ල සිදු විය. විනාශයේ තරම තවමත් කිසිවෙකු ගනන් බලා නැත. මෙම මර්ධනය සදහා විවිධාකාරයෙන් සහාය දැක්වූ බොහෝ දෙනාගේ අපේක්ෂාව වුයේ දකුණේ කලාක් මෙන් එම සිදු වීම වහා අමතක කර පෙර පරිදි කටයුතු කරමු යන්නයි. නමුත් පෙර පැවති රජයේ වුවමනාව වුයේ එය අමතකර දැමීම වෙනුවට යුද්ධයේ ඇති ප‍්‍රචන්ඩත්වය නැවත නැවත ප‍්‍රතිරාවය කරමින්, රණවිරු ස්මාරක හා සමරු පවත්වමින්, මර්ධනය කර පරාජය කළ බලවේග නැවත නැවතත් පීඩාවට හා කම්පනයට පත්කරමින් ඊනියා දේශපේ‍්‍රමීත්වයකින් කටයුතු කර ඊලග ඡුන්දයද දිනා ගැනීම සදහා කටයුතු කිරීමයි.

පැවති රජයේ එම අදුර දර්ශී කි‍්‍රයා මාර්ගයන් හේතුවෙන් දකුණේ කැරැුල්ලෙන් පසුව ඇති කළ ආකාරයේ නිහ`ඩත්වයක් සාමජය තුළ නිමාණය කර ගැනීමට පැවති රජයට නොහැකි විය. උතුරු නැගෙනහිර පමණක් නොව යුධ සමයේ දී රටේ අනෙකුත් පළාත් තුළ ඇති කරනු ලද දේශපාලණ ඝාතණ, අතුරුදහන්කරවීම්, අනෙකුත් අපරාධ මහජන දේපල අවභාවිතාව, පවුල් පාලනය වැනි අනෙකුත් කරනාවන්ට ද එරෙහිව විශාල ජන බලවේගයක් නිර්මාන වීම නිසා තම බලය අතහැර දැමීමට ඔවුන්ට සිදු විය.

නව රජය පත්කරනු ලැබුවේ යුධ සමය තුළ ඇති වූ නීති විරෝධී කි‍්‍රයාවන් හෝ අනෙකුත් අපරාධ, දුෂණ වංචා ගැන සොයා බැලීම හා නැවත එවැනි තත්ත්වයක් රට තුළ ඇති වීම වැලැක්වීමටත් කටයුතු කිරීමත් සදහාය. අපි එතරම් සතුටු නොවුවත්, අඩු පාඩු සහිතව හෝ රජය එම පියවර එකින් එක ගනිමින් සිටී. දැනට සිදු කර ඇති පරීක්ෂණයන් හි දී බොහෝ අපරාධ හා දුෂණයන්ට සමහර දේශපේ‍්‍රමීන් යැයි කියා ගන්නා දේශපාලණඥයින් හා සමහර ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී තිබේ. ඉන් ගැලවීම සදහා ඇති සුපුරුදු මාර්ගය ලෙස නැවතත් පැරණි දේශපේ‍්‍රමී බෝඞ් තහඩුව අතට ගෙන එහෙ මෙහෙ වනමින් සිටී. අද අපට අවශ්‍යව ඇත්තේ සෑබෑ දේශපේ‍්‍රමියා කවුද යන්න පිළිබදව නිවැරදි විග‍්‍රහයක පැමිණීමත්, අපරාධකරුවා හා දුෂිතයා කවුද යන්න හෙලිදරව් කරගැනීමත්ය.
      
පිලිප් දිසානායක
12/07/2018





2018-07-12
Advertisement

Find us on Facebook