English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දින 500 යේ අඛණ්ඩ අරගලයට කොළඹ දී සහාය.

දහදිය කඳුළු වගුරුවමින් සත්‍යය හා යුක්තිය වෙනුවෙන් දින 500 ක් පුරා අඛණ්ඩ අරගලයක යෙදුනු උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ පවුල් වල ඥාතීන් ඔවුන් මෙතුවක් විඳි මානසික, ශාරීරික, හා ආර්ථික වඳ වේදනාවන්ට සහයෝගය දක්වමින් දකුණේ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් ජූලි 12 වෙනි දින සවස 4.00 සිට 13 වන සිකුරාදා රාත්‍රී 11.30 දක්වා අඛණ්ඩ විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

එය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ නෙළුම් පොකුණ ඉදිරිපිටදී පැවැත්වේ.

ඔවුන් විසින් ජනාධිපතිතුමා වෙත ඉල්ලීම් 05 ක් ඉල්ලන ලද අතර, එයින් ඉල්ලීම් 03 ක් අද මේ වන විටත් ඉටු වී නැත. තව කොපමණ කාලයක් මෙලෙස තමන්ගේ ඥාතීන් පිළිබඳව තොරතුරක් නොමැතිව සිටීමට සිදුවේදැයි කිව නොහැකිය. රජය තවත් කොපමණ කාලයක් ඔවුන්ගේ ඉල්ලීම් නොතකා සිටීමට බලාපොරොත්තුවේද? එය ඉල්ලීම් ඉටු කිරීමට රජයට නොහැක්කේ මක්නිසාද? යන්නට පිළිතුරු සෙවීම උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් ඉදිරිපත්වන සංවිධානය වල සහ පුද්ගලයන්ගේ බලාපොරොත්තුවයි.

මෙම අඛණ්ඩ අරගලය අවසානයේදී සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන්, පුරවැසියන් 150 අත්සන් කරන ලද ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපතිතුමාට බාර දීමට කටයුතු කරනු ඇත. එමෙන්ම එහි පිටපත් අදාල ජාතික ආයතන, ජාත්‍යයන්තර ආයතන, වෙත යැවීමටත් නියමිතය.





2018-07-12
Advertisement

Find us on Facebook