English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නිදහස් වෙළඳ කලාප ඝාතන නඩුවේ සාක්ෂි දුර්වල වෙන ලකුණු - නිදහස් වෙළඳ කලාප සහයෝගීතාව කියයි.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කරගෙන යන පරීක්ෂණවලදි කරන සාක්ෂිවල කිසිම බරක් නෑ. අවුරුදු හතකට ඉස්සෙල්ලා කියපු කාරණයි අද කියන කාරණාවන් අතර පරස්පරයක් තියෙනවා කියල තමයි විරුද්ධව කතා කරන නීතිඥවරුන්ගේ මතය වෙන්නේ. ඒ නිසා සියයට සියයක් මේ සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කරගැනීමට හැකියාව ලැබේදැයි කියලා සැකයක් තියෙනවා. විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා වල කාර්යයක් වෙනවා මේ ගැන සොයා බැලීම.”

නිදහස් වෙළඳ කලාප සහයෝගීතාවයේ සාමාජිකා චමිලා තුෂාරි මහත්මිය විසින් මේ බව ප්‍රකාශ කලේ පසුගිය ජුනි 20 වැනිදා වධහිංසාවට එරෙහි සිවිල් සමාජ එකතුව විසින් වධහිංසාවට එරෙහි සතිය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී නිදහස් වෙළඳ කලාප සටනේදී දිවිපිදු රොෂේන් චානක ඇතුළු ජීවිතයෙන් වන්දි ගෙවන අනෙකුත් තරුණ තරුණියන් හට සාධාරණය ඉෂ්ඨ වීමට ඇති ඉඩකඩ ඇහිරී යාමේ අවධානමක් මතු වී ඇති බව ඇය එහිදී අවධාරණය කළේය.

ඒ අනුව අද දින (09) මීගමුව මහාධිකරණයේ මෙම නඩුව විභාගයට ගන්නා බවද ඇය ප්‍රකාශ කළේය..

“2011 මැයි මාසේ තිස්වෙනිදා එවකට පැවති ආණ්ඩුව විසින් විශ‍්‍රාම වැටුප් පනතට සංශෝධනයක් ගෙනාවා. පෞද්ගලික අංශයට විශාල අසාධරණයක් වෙච්ච නිසාම, නිදහස් වෙළඳ කලාපයේ ඇගලූම් සේවකයෝ පාරට බැස්සා මොකද ඔවුන් මේ නිදහස් වෙළඳ කලාපවලට පැමිණෙන්නේ අවුරුදු පහක්, හතක්, අටක් වගේ කෙටි කාලයක් සඳහා. ඒ නිසා ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් වගේ ලැබිච්ච මුදල නැතිවෙන නිසා බුරුතු පිටින් එළියට බැහැලා විරෝධය ප‍්‍රකාශ කලා පනත අකුළ ගන්න කියලා විරෝධය පළ කලා. පොලිසිය මැදිහත් වෙලා ඔවුන්ට පහර දුන්නා. මැයි 24 ඔවුන් එළියට බැස්සා, 30 වෙනිදත් එළියට බැස්සා. ලිඛිතව ඉල්ලූවා එය අස්කරගන්න කියලා. සාමූහිකව ඉදිරිපත් කරන ලද විරෝධතාවය පොලිසිය මැදහත් වෙලා කෲර විදියට මර්ධනය කලා. දේශපානඥයන්ගේ මැර කණ්ඩායම් ඇවිල්ලා ඔවුන් ද පහර දුන්නා. ගේට්ටු වහලා පහර දුන්නා. කාන්තාවන්, තරුණ කම්කරුවන් දහසයක් පමණ ගුටි කෑවා. තුවාල ලැබුවා, සදාකාල රෝගීන් වුනා.

“මේ වගේ තත්ත්වයන්ට මුහුණදීලා ඔවුන්ට වන්දියක් ලැබුනේ නෑ. මානව හිමිකම් කොමිසම නිර්දේශ නිකුත් කලා. මහානාම කොමිසමක් පත් කලා. ගිය අවුරුද්දේ ජූනි මාසේ 10 වෙනි දා තමයි එම වාර්තාව අපට දැක ගන්න ලැබුනේ. 2011 ජූනි 11 වෙද්දි එවකට හිටපු ජනාධිපතිතුමාට එම වාර්තාව බාර දුන්නා. නමුත් පසුගිය රජය එය සමාජගත කළේ නැහැ. ඒ සඳහා නිදහස් වෙළඳ කලාප සහයෝගීතාවය විදියට මාස 68 ක් අඛන්ඩව මේ වාර්තාව ඉල්ලූවා. තුවාල හා ආබාධිත වුනු අයට සාධාරණයක් කරන්න කියලා ඉල්ලීමක් කලා. දැන් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවට අනුව පරීක්ෂණ කරගෙන යන්නේ. ළගදි මම දැක්කා සාක්ෂි දුන් දෙදෙනෙක්ව. එක්කෙනෙක් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්වෙලා ඉන්නේ. ඔහුගේ ලිංගික අවයවයන්ට තමයි ඒ වෙඩි පාරවල් වැදිලා තියෙන්නේ. ඔහුට අද විවාහ වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ සහෝදරවරුන්ට කිසිම වන්දියක් නෑ. ආයතනවලින් නිවාඩු දුන්නේ නෑ. ඔවුන්ගේ පෞද්ගලික ධනය වියදම් කරලා තමයි ඔවුන් වෛද්‍ය ප‍්‍රතිකාර කලේ.

ඒ පොලිසියේ මහත්වරුන්ට තානාපති තනතුරු ලැබුනා. මේවා වෙන්න පුළුවන්ද?. අපි කියනවා ජාත්‍යන්තර නීති තියෙනවා කියලා. නමුත් ඒ නීතිවල කිසිඳු රැකවරණයක් ඔවුන්ට ලැබිලා නෑ. මේ කම්කරුවන්ව ඉතාමත් සූක්ෂම ලෙස මර්ධනය කලා. පොලිසිය මැදහත්වුනා. හමුදාව මැදිහත්වුනා. රොෂේන් ශානකගේ අවමංගල්‍ය කටයුතු සිදුවුනේ ඔවුන්ගේ දෙමව්පියන්ට, ඥාතීන්ට අවශ්‍ය විදියට නෙමෙයි. රජයට  ඕන විදියට ඒවා සිද්ධ වුනේ. ප‍්‍රදේශයේ ඉන්න දේශපාලඥයින් මැදිහත්වෙලා තමයි ඒ කටයුතු කළේ. රොෂේන් අම්මාට තමන්ගේ දුක කියලා අඩන්න තරම් වාතාවරණයක් එතන තිබුනේ නෑ. රෝහලට ගිහින් දරුවව බලන්න වාතාවරණයක් ඇති කලේ නෑ. තමන්ගේ දරුවා අන්තිමට මොකක්ද කිව්වේ කියලා දන්නේ නෑ. අම්මේ කියලා කෑගැහැව්වද කියලා දැනගන්න තරම්වත් වතාවරණයක් තිබුණේ නෑ. ලොකු අරගලයක් වෙනුවෙන් තමයි එදා ඔවුන් මැදිහත් වුනේ.

මාධ්‍යයේ වගකීමක් වෙනවා මේ කාරණාවල් ඉදිරියට අරගන්න. මේවා සමාජගත කරන්න. මේවාට විරුද්ධව නැගී සිටින්න."

වීඩියෝව පහතින්...


 




2018-07-09
Advertisement

Find us on Facebook