English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් ආරක්ෂිකාවකට ප්‍රහාරයක්..!
 

ප‍්‍රබල මානව හිමිකම් ආරක්ෂිකාවක් වන අමිතා පි‍්‍රයාන්ති මහත්මියට පසුගිය 6වන සිකුරාදා ඇය පානදුර සිට සිය නිවස බලා යමින් සිටි දී සංවිධානාත්මකව පැමිණ නාදුනන යතුරුපැදි කරුවන් දෙනෙකු විසින් පහර දී ඇය සතුව තිබූ විටිනා ලියකියවිලි හා ඇගේ ජංගම දුරකතනය පැහැරගෙන ගොස් තිබේ.

අමිතා පි‍්‍රයාන්ති මහත්මිය 2002 වසරේ දී පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය තම සොයුරාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වීම නිසා එදා සිට අද දක්වා පානදුර ජනසංසදය හා එක්ව විශේෂයෙන් පොලිස් වදහිංසාවට එරෙහිව වින්දිතයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව කටයුතු කරන මානව හිමිකම් ආරක්ෂිකාවකි.
ඇයට සිදු කළ මෙම මැර ප‍්‍රහාරය අයිතිය හෙලා දකින අතර, මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසද සියලූම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. මේ සිදුවීමට එරෙහිව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ද ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ.      

09.07.2018
පුවෘත්ති නිවේදනය

අමිතා පි‍්‍රයන්ති - මානව හිමිකම් ආරක්ෂිකාවකට සිදු කළ පහරදීම තරයේ හෙලා දකිමු

ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ හා ප‍්‍රවර්ධනයෙහිලා විශාල මෙහෙවරක් සිදු කරනු ලබන්නේ රට පුරා විසිරී සිටින අතලොස්සක් වූ මානව හිමිකම් ආරක්ෂකයන් විසිනි. මොවුන් විවිධ බාදක හා දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිත ආරක්ෂාව ද නොතකා මානව හිමිකම් කඩවූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටී.
අමිතා පි‍්‍රයන්ති මහත්මිය 2002 වර්ෂයේ දී පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය තම සොයුරාගේ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඉදිරියට පැමිණ, 2002 වසරේ සිට පානදුර, ජනසංසදය හා එක්ව කටයුතු කරනු ලබයි. ඇය අද වන විශේෂයෙන් පොලිස් වදහිංසාවට පාත‍්‍රවූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනු ලබන මානව හිමිකම් කි‍්‍රයාධරියක් හා ප‍්‍රබල මානව හිමිකම් ආරක්ෂිකාවකි.

ඇය, පසු ගිය ජුලි 6වන දා තම සේවා ස්ථානවය වන පානදුර ජනසංසදයේ සිට තම නිවස බලා පිටත්ව යමින් සිටිය දී ඉතාමත් සංවිධානාත්මකව යතුරු පැදියකින් පැමිණි නා`දුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇයගේ හිසට පහර දී ඇය සතුව තිබු ඉහත සදහන් කළ ඇයගේ සොයුරාගේ නඩුවට අදාල ඉතා වැදගත් ලියකියවිල සහ ඇගේ ජංගම දුරකතනය පැහැරගෙන ගොස් තිබේ.

ඇයගේ මෙම ප‍්‍රහාරය අප තරයේ හෙලා දකින අතර, මේ සිදු වීම සම්බන්ධව විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් සිදු කර අදාල පුද්ගලයන්ට එරෙහිව වහා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස පොලිස්පති ඇතුලූ සියලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.  එමෙන්ම, මෙම ප‍්‍රහාරය  පොදුවේ සියලූම මානව හිමිකම් ආරක්ෂකයන් වෙත එල්ල කළ අනතුරු ඇ`ගවීමක් හා අභියෝගයක් ලෙසත් අප කල්පනා කරන අතර, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින සියලූම සංවිධාන හා පුද්ගලයන්ගේ විශේෂ අවධානයට යොමු විය යුතු සිද්ධියක් ලෙසද පෙන්වා දෙමු.

පිලිප් දිසානායක
විධායක අධ්‍යක්ෂ
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය  
 




2018-07-09
Advertisement

Find us on Facebook