English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“කඩොල් ඇතා ආවත් රනිල් කලබල වෙන්නේ නෑ.” - වික්‍රමබාහු

“ පත්තරවල දැම්මා ඔන්න ඉවරයි, ආණ්ඩු ඉවරයි, ඔන්න දෙන්න ගහගන්නවා, කෙළ වුනා උන්ට කියලා දැම්මා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කලබල වෙන මිනිහෙක් නෙමෙයි. කඩොල් ඇතා දුවගෙන එනවා වුනත් කලබල වෙන්නේ නැහැ. ” නව වාමාංශිත පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා මේ බව පැවසුවේ පසුගිය දා මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වූ ” ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සමුදෙමුද ?” නම් වූ නිදහසේ වේදිකාවේ සමාරම්භක සම්මන්ත‍්‍රණයේදීයි.

පැමිණ සිටි ජනතාව ඇමතූ වික‍්‍රමබාහු මහතා,

“හොඳට තිබුණු රට ඉතාම අශෝබන තත්ත්වයකට ඇඳගෙන ඇවිල්ලා. ඒ පාප කර්මයෙන් බේරෙන්න බෑ මේ නායකයන්ට. මේ දේශය බුදුන්ගේ පාවැදුනු දේශයක් කරන්න කවුරුවත් ලෑස්තිවෙලා හිටියේ නෑ. මේ සදාදරණීය පීතෘභූමිය ලෝකයා ඉදිරියේ දණගහලා බිම වැටිලා තිබුනේ. ඒකෙන් ඉදිරියට ගෙනිච්ච එක ගැන අපි සන්තෝස වෙන්න  ඕනා. අපිට ලැජ්ජා නැතුව ලෝකේ ඕනෑම තැනකට යන්න පුළුවන්.

අපි අතර ප‍්‍රශ්න තියෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන ඔක්කෝම දේවල් අපි පිළිගන්නේ නෑ. මම කියන දේවල් එයා පිළිගන්නෙත් නෑ. ඒ වුනාට අපිට කරන්න පුළුවන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අපේ එකඟත්වයක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හදන්න, කම්කරුවන්ට, මාධ්‍යවේදීන්ට, ජනතාවට නිදහස තියෙන රටක් හදලා, ඒ මගින් සංවර්ධනයට යන්න  ඕනා. අද වැඩ වර්ජනයක් කළොත් එදා වගේ ගහලා කුඩු කරලා, ඔලූ කඩන්න යන්නේ නැහැ. දැන් සාකච්ඡා කරනවා. ප‍්‍රශ්නේ විසඳන්න  ඕනා. ධනවාදය කියන්නේ ඒක තමයි. ධනපති පන්තියනේ. සාකච්ඡා කරලා ප‍්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ආර්ථික ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්. පඩි ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්. දැන් ඒ තත්ත්වය තියෙනවා.

1978 තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවේ. ඒකාධිපති ව්‍යවස්ථාවක්. ඒකට මම කළුකොඩි දැම්මා. වාසුදේව නානායක්කාර මහත්තයත් හිටියේ මාත් එක්ක. අපිව හිරේ දැම්මා. විශ්ව විද්‍යාලයෙන් අල්ලලා එලියට දැම්මා. දැන් කියනවා ඒක ඒකාධිපති ව්‍යවස්ථාවක් තමයි අපි ඒක පිළිගන්න  ඕනා කියලා. මගේ හිග පඩි මිලියන හයක්  දුන්නා. ඒක හන්දා මම මෙතනට කතා කරන්න ආවා කියලා සමහරු හිතන්න ඉඩ තියෙනවා. මම කියපු එකත් හරිනේ. මේක ඒකාධිපති ව්‍යවස්ථාවක්. ඒක අපි වෙනස් කරන්න  ඕනා. ජනතා විමුක්ති පෙරමුණ ගෙනල්ලා තියෙන මේ යෝජනවා උඩ හරි මේ සැරේ මේකේ ඒකාධිපතිවාදය අවසන් කරන්න අපි ලෑස්තිවෙලා ඉන්න  ඕනා.

කවුරු වුනත් ඒ බලය වැරදියි. ඒ බලය පාර්ලිමේන්තුවට යන්න  ඕනා. ජනාධිපතිතුමත් කියලා තියෙනවා  ඕන වෙලාවක මන් දෙන්නම් කියලා. සමහර කතා වලදී ඊට විරුද්ධ වගේ පේනවා. එතුමා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ සැමරුම් දේශනයේදී තදින් කතා කරලා තිබුනා, ඒවා හරි නෑ මේවා හරි නෑ කියලා. ඒ වුනාට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කලබල කලේ නෑ. කතා බහ කරලා, සාකච්ඡා කරලා අයේ දෙන්නම හොඳට යනවා. පත්තරවල දැම්මා ඔන්න ඉවරයි, ආණ්ඩු ඉවරයි, ඔන්න දෙන්න ගහගන්නවා, කෙළ වුනා උන්ට කියලා දැම්මා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කලබල වෙන මිනිහෙක් නෙමෙයි. කඩොල් ඇතෑ දුවගෙන එනවා වුනත් බලාගෙන ඉඳලා කඩොල් ඇතාට කියයි දකුණට යන්න කියලා....වමට යන්න කියන එකක් නෑ..”

වීඩියෝව පහතින්...


 




2018-07-06
Advertisement

Find us on Facebook