English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අලූත් උසාවිය වැඩ ඇරඹීම ළගදීම
බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සඳහා වන පළමු ත්‍රී පුද්ගල මහාධිකරණය ජූලි මස දෙවන සතියේ දී ආරම්භ කිරීමට නියමිතය.


එහිදී විභාග කිරීමට සුදුසු නඩු 05 ක් ද මේවන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් තෝරාගෙන අවසන්ය. මෙම අධිකරණය උපරිමාධිකරණ සංකීර්ණය අසල ගොඩනැගිල්ලක පිහිටුවීමට නියමිතය. තෝරාගත් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර, එය ජූලි 15දා විවෘත කිරීමට නියමිතය. පළමු ත්‍රී පුද්ගල අධිකරණය සඳහා තෝරාගෙන ඇති විනිසුරුවරුන් වන්නේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, සහ චම්පා ජානකී විජේරත්න යන විනිසුරුවරුන් සහ විනිසුරුවරියන්ය.

අධිකරණ සංවිධාන පනතට ගෙනා සංශෝධන යටතේ බරපතළ මූල්‍ය අපරාධ ගැන දිනපතා නඩු ඇසීමට අධිකරණ තුනක් පිහිටුවීමට නියමිතය. දෙවෙනි අධිකරණය වත්තල දී පිහිටුවීමට විධි විධාන සකස් වෙමින් පවතී. ලැබෙන ආරංචි මාර්ග අනුව ඉතිරි අධිකරණ දෙක පිහිටුවීම ගැන අදාල ගැසට් පත‍්‍රය ඉතා ඉක්මනින් නිකුත්වීමට නියමිතය.

යහපාලන රජය බලයට පත් වූයේ ඒවන විටත් සාකච්ඡාවට භාජනය වූ මූල්‍ය අපරාධ ගැන අදාල පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන බවට ජනතාවට පොරොන්දු වෙමිනි. දැන් තෙවසරක් ගෙවී ගොසිනි. දැනටමත් ප‍්‍රමාද වැඩිය. නමුත් අවම වශයෙන් එම කටයුත්ත මෙසේ ආරම්භ කිරීමට හැකිවීම සතුටකි. ඉතිරි අධිකරණ දෙක ද ඉක්මනින් පිහිටුවා නඩු පැවරීම් සිදු කළ හැකිනම් පවතින දේශපාලන රැල්ල වෙනස් විය හැකිය.

මූලාශ්‍ර - අනින්දා පුවත්පත




2018-07-06
Advertisement

Find us on Facebook