English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාධ්‍යවේදීන් වෙත කරනු ලබන තර්ජන නිදහසේ ‌වේදිකාව හෙලා දකී



ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පලවු ලිපිය සම්බන්ධව මෙරට මාධ්‍යවේදී සිදු කරනු ලැබූ අදහස් දැක්වීම් වලට කිපී මහින්ද රාජපක්ෂ රෙජීමයේ දේශපාලණඥයින් විසින් සිදු කරනු ලැබූ තර්ජනයන් හෙලා දකිමින් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා නිදහසේ වේදිකාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. පහතින් පලවන්නේ ඒම නිවේදනයයි.

මාධ්‍ය නිවේදනය

2009 සහ 2010 වර්ෂයන් හි දී මාධ්‍යවේදීන්ට වැඩිම තර්ජනයක් ඇති රටවල් කිහිපය අතරින් ශී‍්‍ර ලංකාවට ප‍්‍රමුඛත්වය හිමි වුයේ පසුගිය රජයේ ඒකාධිපති හා මර්ධනකාරී වැඩ පිළිවෙල නිසාය. ඒ කාලය තුළ ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප් එක්නැළිගොඩ ඇතුලූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනයට හෝ අතුරුදහන්කරවීමට ලක් කරන ලදී. තවත් මාධ්‍යවේදීන් පිරිසක් වෙත විවිධාකාරයේ මැර ප‍්‍රහාරයන්ට මුහුණ දීමට සිදුව රට අතහැර යාමට පවා සිදු විය. ඉන් නොනැවතුනු පසු ගිය රජයේ මැරයන් උදයන් පුවත්පත, ඊ නිවුස් කාර්යාලය හා සිරස මාධ්‍ය ආයතනය වැනි මාධ්‍ය ආයතන ගිනි තබා විනාශ කරනු ලැබීය.

මෙම මර්ධනයන් ඉවසා ගත නොහැකිව සිටි මෙරට ප‍්‍රගතිශීලී ජනතාව 2015 ජනවාරි අට පැවති රජය පෙරලා නව රජයක් බලයට පත්කරනු ලැබුවේ පසුගිය සිදුවීම් නැවත සිදු නොවීම සදහාය. පැවති තත්ත්වයට සාපේක්ෂව නව රජය විසින් අද වන විට මාධ්‍ය නිදහස සෑහෙන දුරකට ස්ථාපිත කර තිබේ. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුලූ රාජ්‍ය ප‍්‍රධානීන් ද කැබිනට් මණ්ඩලය හා අනෙකුත් දේශපාඥයින් සම්බන්ධව ද නිර්භයව  ප‍්‍රශ්න කිරීම, විවේචනය කිරීම මෙන්ම විරුද්ධ අදහස් දැක්වීමේ නිදහස මෙරට මාධ්‍යවේදීන් මේ වන විට ක‍්‍රමක් ක‍්‍රමයෙන් බුක්ති විදිමින් සිටී.

නමුත් පසුගිය දා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවු ලිපියක් සම්බන්ධව අදහස් දැක්වූ මෙරට මාධ්‍යවේදීන් වෙත පරාජිත දේශපාඥයින් විසින් තමන් ඉන්නේ  විරුද්ධ පක්ෂයේ බව ද අමතක කරමින් සුපුරුදු මැර තර්ජනයන් මුදා හැර තිබේ. පැවති ආණ්ඩුවේ දේශපාලනඥයින් මෙසේ මාධ්‍යවේදීන් වෙත තර්ජනයන් මුදා හැරීම නිදහසේ වේදිකාව තරයේ හෙලා දකින අතර, ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.  


පිලිප් දිසානායක
කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,
නිදහසේ වේදිකාව
2018 ජුලි 05




2018-07-05
Advertisement

Find us on Facebook