English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරේ අවතැන්වී සිටිින කාන්තාවන්ගෙන් පෙත්සමක් !

යාපනය  දිිස්ත‍්‍රික්කය  තුළ  ගම්මාන  කිහිපයක  හා  සුභසාධක කඳවුරුවල දැනටත් ජීීවත්වන පවුල් විසින් ඔවුුන්ගේ  දැවෙන  ප‍්‍රශ්න කිහිපයක්  සඳහා කඩිිනම්  විසඳුම්  ඉල්ලා  සිිටිිමිින්  පෙත්සමක්  භාරදුුණි.

යුද්දයෙන්  අනාථවු  කාන්තාවන්ගේ  එකතුවක්  වන යාපනයේ පූන්තලිර් දිස්ත‍්‍රික් කාන්තා සංවිිධානය විිසින්  තමන්ගේ සංවිිධානයට  අයත් කාන්තාවන්  විිිසිින්  දිිර්ඝකාලිිනව  මුුහුණ  දෙමින්  සිටින  ප‍්‍රධාන ප‍්‍රශ්න  කිහිපයකට විිසඳුම් ඉල්ලාසිටිමින් යාපනයේ  දිස්ත‍්‍රික්  ලේකම් කාර්යාලයේදි  දිිස්ත‍්‍රික්  පරිපාලන  නිළධාරිි කේ.කරුණාකරන්  මහතා වෙත අද,  එනම්  සැප්තැම්බර්  05දා පෙත්සමක්  භාර  දෙනු  ලැබිිිණි.

ජාතික  ධිිවර සහයෝගීතා ව්‍යාපාරයේ කාන්තා  අංශය  විිසින්  හඳුනාගෙන  පිහිටුවා  ගනුු  ලැබුණු කාන්තා  එකතුවක්  වන  මෙම පූන්තලිර් කාන්තා  සංවිිධානයට  ගම්මාන  04  සහ  සුභසාධක  කඳවුරු  05ක  කාන්තාවන්  සම්බන්ධව  කටයුතු  කරයි.

අද  දිින  භාර  දුුන්  පෙත්සම  තුළින්,  ඔවුන්  මීීට  වසර  24කට  පෙර  ජීීවත්වු  ගම් බිිම්වලම  ඔවුන්ව  නැවත   පදිිංචිි කළයුතුය  යන්න  ඔවුන්ගේ  ප‍්‍රධාන  ඉල්ලීම ලෙසට  දක්වා  ඇතිි අතර,  එසේ ඔවුන්ව  යළි  පදිිංචිිකරවන  තෙක්  දැැනට  සිටිින  ගම්මානවල  සහ  සහන  කඳවුරුවල  පවතින  අපහසුතාවන්වලට වහා  විිසඳුම්  ලබාදිය  යුතු  යැයි  ඉල්ලා  සිටියි.

”අපි  දැැනට  සිටිින  නිවාස කැඞීී  බිිඳි  ගිහිල්ලා තිබෙන්නෙ.  ඒවා පිළිසකර  කරදෙන්න  කියා ඉල්ලා  සිටිිනවා.  ඒ  වගේම  අපිට සුරක්‍ෂිතතාවයකින්  යුතුව  සිතේ  නිදහසින්  ස්නානයකරන්නට වාතාවරණයක්  තිබිිය  යුතුයි.  වැසිකිළි  සහ  පානිය  ජල  අවශ්‍යතාවය  විසඳා  ගන්නට  අවශ්‍යයි. ආර්ථීීක  ප‍්‍රශ්න  නිසා  අතරමඟ පාසැල්  ගමන  කඩාකප්පල් කරගන්නා  දරුවන්ට  අධ්‍යාපනය  කරගෙන යන්නට  පහසුකම්  අවශ්‍යයි. ඒවගේම  තමයි  දැැනට  වසර  දෙකක  කාලසිමාවක්  තිස්සේ නවතා  තිබෙන ආහාර  සහනාධාරය යළි ලබා  දෙන්න  කියන ප‍්‍රධාන  ඉල්ලම්  අපි  මේ  ආකාරයෙන් ප‍්‍රාදේශිය  ලේකම්තුමා  වෙතට භාර  දුුන්නා.” යැයි පෙත්සම  භාරදීීමට  පැමිිණි කාන්තාවන්  අයිතියට  පැවසුහ.

මිිට  පෙරද මෙම  සියලූුම  ඉල්ලිම්  ඉල්ලා   සිටිිමිින්  මෙම  කාන්තාවන්  මෙන්ම  පවුල්වල  සාමාජිිකයින්  විසින්  කිහිප  අවස්ථාවකදීීම බලධාරීීන් වෙත  ලිඛිිත  ඉල්ලීම්  භාරදී, උපවාස  හා උද්ඝෝෂණ  පවත්වා ඇති  බවත් මේ වන  තෙක්  ඊට කිසිඳු  ප‍්‍රතිවාරයක් නොමැති බවත් ජාතික  ධීීවර සහයෝගිතා  ව්‍යාපාරයේ කාන්තා අංශයේ සම්බන්ධීකාරිිකා  ලවිිනා  හසන්ති මහත්මිය අයිිතියට  පැවසීය.  


 මෙලනි  මානෙල් පෙරේරා  යාපනයේ  සිට



2014-09-05
Advertisement

Find us on Facebook