English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“නිදහසේ වේදිකාවේ ඉන්ටර්වල් ඉවරයි.” - පිලිප් දිසානායක

මේ රටේ ප්‍රගතිශීලී ජනතාව බුරුතුපිටින් මරාදාපු යුගයක, 2009 සිට “නිදහසේ වේදිකාව” අඛණ්ඩ අරගලයක යෙදුණි. “ප්‍රජාතන්ත්‍රවාදයට සමු දෙමුද..?” යන තේමාව යටතේ නැවතත් “නිදහසේ වේදිකාව” වැඩ ආරම්භ කළේය. ඒ පසුගියදා මාතර, නුපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී තම පළමු සම්මන්ත්‍රණය ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වමිනි. එම අවස්ථාව අමතමින් එහි සම කැඳවුම්කරුවකු වන පිලිප් දිසානායක පැවසුවේ “නිදහසේ වේදිකාවේ” ඉන්ටර්වල් දැන් ඉවර බවයි.

“...පළමු වතාවට ලංකාවේ සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සමඟ වැඩ කරන්න ආරම්භ කලේ නිදහසේ වේදිකාව හරහා. එකට මුලික හේතුව ඒ වෙනකොට මේ රටේ තිබු ව්‍යසනකාරී තත්වයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත්, ජීවත් වීමේ අයිතියත් කියන මුලික කාරනා දෙක මුල්කරගෙන තමයි අපි “නිදහසේ වේදිකාව” නිර්මාණය කලේ. ඒ හරහා තමයි අපි 2015 ජනවාරි 08 වෙනස සිදු කලේ. එක ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්, එකට කිව්වේ දේදුනු විප්ලයක් කියලා. එය ලේ හොලවන්නේ නැතුව, ආයුධ අතට ගන්නේ නැතිව කරපු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්.”

“...දැන් කොටසක් කියන්න පටන් අරන් තියෙනවා මේ ලබපු ජයග්‍රහණය ආපස්සට හරවන්න ඕන කියල. එක ඒකාධිපති පාලනයකට එහා ගියා පැසිස්ට්වාදී පාලනයකට ගෙන යා යුතුයි කියල හාමුරුවරු පවා කියනවා. එම තත්වයට පත්වීමට මුලික හේතුව ලෙස අපි දකින්නේ ඒ ප්‍රගතිශීලී බලවේග වල තිබෙන නිහැඬියාවයි. අපි පරාජය කරපු බලවේග ශක්තිමත් වෙලා තියෙනවා. ඔවුන්ගේ හඬ පමණයි දැන් ඇසෙන්නේ.... ඒ නිසා අපි හිතුව නැවත අපේ හඬ අවදි කරන්න... ඉන්ටර්වල් ඉවරයි, බලාගෙන හිටියා ඇති. නැවත අපේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ඉදිරියට ගෙනයාම සඳහා නැවත මුලිකත්වය ගන්නවා” යැයිද ඔහු සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණය සඳහා පුජ්‍ය දඹර අමිල හිමි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, හා අජිත් පැරකුම් යන අයද සහභාගී විය.

පිලිප් දිසානායක මහතා පළ කල අදහස් කීපයක් පහත වීඩියෝවෙන්.....


  




2018-07-03
Advertisement

Find us on Facebook