English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සමස්ත කම්කරු ස්ත‍්‍රින් ලබාගත් ජයග‍්‍රහණයක් - ඇන්ටන් මාකස්

කටාන ස්මාර්ට් ෂර්ට් ඇගළුම් කම්හලේ සේවිකාවක වු චමිලා දිසානායක තරුණිය 2007 වසරේ නොවැම්බර් 12වැනි දින මීගමුව රෝහලේදි ෂණයකර 06වන මහලින් තල්ලූකර ඝාතනය කිරීමේ වරදට චෝදනා ලැබසිටි වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ යන අයට ඊයේ (සැප් 03) මීගමුව මහඅධිකරණයේදි පැවැති නඩු විභාගයෙන් මරණ දණ්ඩනය නියම වු අතර එම නඩුතීන්දුව පීඩා විඳින සමස්ත කම්කරු ස්ත‍්‍රින්ගේ ජයග‍්‍රහණයක් යැයි කම්කරු වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් මහතා අධිකරණ භුමියේ සිට ප‍්‍රකාශ කළේය.  

"අද දින මහා අධිකරණය ලබාදුන්න මේ නියෝගය අපි සළකන්නෙ සමස්ත කම්කරු පන්තිය පමණක් නෙවෙයි විශේෂයෙන්ම කම්කරු ස්ත‍්‍රීන් ලබපු ජයග‍්‍රහණයක්. අපි මේ නඩුව දිහා බැලූවේ, විශේෂයෙන්ම ඇගළුම් කම්කරු ස්ත‍්‍රීන් සහ නිදහස් වෙළෙඳ කලාප කම්කරු ස්ත‍්‍රීන් ගැන සමාජයේ තිබුණු ආකල්පය තමයි ඒ අය තමන්ට  ඕන විධියට පාවිච්චිකරන්න පුළුවන් කියලා. වෛද්‍යවරයෙකු වගේ කෙනෙකුත් මේ වගේ කළානම්, සාමාන්‍ය තත්ත්වය අපිට තේරුම්ගන්න පුළුවන්.  ඒ නිසා තමයි අපි සළකන්නේ අද මේ දුන්න නියෝගය කම්කරු ස්ත‍්‍රින් ලබපු ජයග‍්‍රහණයක් පමණක් නෙවෙයි, සමස්ත කම්කරු පන්තියම ලබපු ජයග‍්‍රහණයක් . මේක හොඳ පාඩමක්. කම්කරු ස්ත‍්‍රීන්ව, වෙළෙඳ කළාපවල ස්ත‍්‍රීන්ව, ඇගළුම් කම්කරුවන්ව පාවිච්චිකරන්න උත්සාහා කරන අයටත් දෙන ලද හොඳම පාඩමක් ලෙසට මේ අවස්ථාව අපි සළකනවා.”


ස්ත‍්‍රී මධ්‍යස්ථානයේ චන්ද්‍රා දේවනාරායන මහත්මිය ද කියා සිටියේ  ”හොඳ නඩුතින්දුවක් ලැබුණා. ගමකින් ආව අහිංසක ළමයෙක් ඒ වගේම ඇගළුම් ක්‍ෂේත‍්‍රයේ වැඩකරපු කාන්තාවක් වෛද්‍ය සායනයකට ගිය අවස්ථාවක වෛද්‍යවරයා විසින් සිදුකළ අපරාධයක්. එවැනි ස්ථානයකට යන්නේ ලොකු විශ්වාසයකින් නමුත් ඒ විශ්වාසය වෛද්‍යවරයා විසින් ඝාතනය කළා. ඒ වෙනුවෙන් මහවිනිසුරුතුමා ලබාදුන්න මේ තින්දුව ගැන විනිසුරුතුමාට අපි ස්තුතිවන්ත වෙනවා.”

චුදිත වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සඳහා මිනිමැරුම් චෝදනාවට මරණීය දණ්ඩනයත් ස්ත‍්‍රි දුෂණය කිරීමේ චෝදනාවට වසර 15ක සිරඳඩුවමත් රුපියල් දස දහසක මුදලක් දඩය වශයෙනුත් මහඅධිකරණ විනිශ්චයකාර එච් එම් ඒ ගෆුර් මහතා විසින් නියම කළේය.

ඩි එම් අප්පුහාමි වන චමිලාගේ පියා ද මව ද සිය දියණියගේ කෲර ඝාතනය වෙනුවෙන් නීතිය යුක්තිය ඉටුවීම පිළිබඳව එසේ සතුටුවුන් අතර සිටි පළමුවැන්නෝය.

චමිලාගේ දෙමාපියන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ වෘත්තීය සමිති නායකයින් සහ සාමාජීකයින් රැසක් අධිකරණයට පැමිණ සිිටියහ. 

මුලාශ‍්‍රය - බීබීසි සංදේශය
ඡායාරූප  -  බීබීසි විඩියෝ පටයෙන් සකස්කරන ලදි
-MMP



2014-09-04
Advertisement

Find us on Facebook