English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“වධහිංසාව නැතිවම බැරිද ?” සංවාද මණ්ඩපය

වධහිංසාවන්ට පාත්‍ර වූ වින්දිතයින් වෙනුවෙන් සහාය දැක්වීමේ ජාත්යන්තර දිනය සිහිකිරීම නිමිත්තෙන් පැවැත්වූ සංවාදමය වැඩසටහන 2018 ජූනි 28 වෙනි දින කොළඹ .07 ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පවත්වන ලදි. වදහිංසාව නැතිවම බැරිද?” යන්න තේමා කරගත් මෙම වැඩසටහන ජනතාව විසින් අසන ලද ප්‍රශ්න වලට විද්වතුන්, රාජ්‍ය ආයතන හා ස්වාධීන කොමිසන් සභා නියෝජිතයින් විසින් පිළිතුරු ලබා දීම මෙහිදී සිදු විය.

 සංවාදමණ්ඩපය වෙත ඉදිරිපත් වන ගැටළු වලට පිළිතුරු දීම සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක් ජනරාල්, සී. . එච්. එම්. විජේරත්න මහතා,  ජාතික පොලිස් කොමිෂන් සභාවේ  ප්‍රධාන විමර්ශන නිලධාරී ආචාර්ය ඩී. සුමනදාස මහතා,  විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී, වර්තමානයේ ජාතික ලූණු සංස්ථාවේ සභාපති අයුබ් ඛාන් මහතා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි වූ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සහභාගී විය.

අනතුරුව පොලිිසිය වරදවා වටහාගෙන මාස 03 ක් රිමාන්ඩ් බාරයේ තබාගැනීම නිසා මානසික කම්පනයකට ලක්ව පසුව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර පසුගිය දින ඉන් ජයග්‍රහණය කළ ආර්.එච්.එම්. කීර්තිරත්න මහතා ඇගයීමට භාජනය කිරීම සිදුවිය. ඔහු ඇගයීමේ සම්මානය මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විසින් ඔහුගේ සොහොයුරුට ලබා දුන් අතර, ආර්.එච්.එම්. කීර්තිරත්න මහතා අසනීප තත්ත්වයක් නිසා වැඩසටහනට සහභාගි නොවීය.

       

සංවාද මණ්ඩපය සම්බන්ධ වීඩියෝව පහතින් ....


 




2018-06-29
Advertisement

Find us on Facebook