English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“සෑම ක්ෂේත්‍රයකම ඇති ප්‍රචණ්ත්වය තුලින් සමාජය පිරිහිලා” මානව හිමිකම් කොමිසම වධහිංසා දිනය සමරමින් කියයි.

මානව හිමිකම් කොමිසම වධහිංසාවට භාජනයන් වෙනුවෙන් වූ ජාත්‍යයන්තර දිනය සැමරීම වෙනුවෙන් චිත්‍රපට උළෙලක් කොළඹ 07, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී 2018 ජූනි 25 සහ 26 යන දිනවල පවත්වන ලදි. මේ සඳහා ජාත්‍යයන්තර අවධානය දිනූ චිත්‍රපට කිහිපයක්ද, ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදි.

ළමුන් වෙනුවෙන්, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සහ අවසන් දිනය සිවිල් සංවිධාන වෙනුවෙන් පවත්වන ලද වැඩසටහන් මාලවකින් එම දිනයන් පිරී තිබිනි. අවසන් දිනයේ සිවිල් සංවිධාන වෙනුවෙන් පවත්වන ලද චිත්‍රපටයට පෙර කෙටි ඉදිරිපත් කිරීම සංගීතවේදී නදීක ගුරුගේ මහතා විසින් පවත්වන ලදි.

වැඩසටහන හඳුන්වාදෙමින් මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ලංකාවේ මානව හිමිකම්වල තත්ත්වය මෙන්ම ශ්‍රී ලාංකික සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ප්‍රචණ්ත්වය මතු වී ඇති තත්ත්වයත්, තුලින් සමාජයේ ඇති පිරිහීමත් විග්‍රහ කළාය. පොලිසියට, හමුදාව තුළ පමණක් නොව වර්තමානයේදී විශ්ව විද්‍යාලවල, පාසැල් වලත් ප්‍රචණ්ඩත්වය උත්සන්න වී ඇති අයුරු පැහැදිලි කළාය.

සමාජය තුළ ප්‍රචණ්ත්වයටත්, වධහිංසාව වෙතත් ආකර්ශණයක් තිබෙන බවත් ප්‍රකාශ කලාය. සංගීතවේදී නදීක ගුරුගේ සමාජයේ වධහිංසාව විහිදී පැතිරී තිබෙන අයුරුත්, ජන සමාජයේ එය මුල් බැස ගෙන ඇති අයුරුත් පැහැදිලි කලේය. වෙස්සන්තර ජාතක කවියා විසින් දරුවන් දන්දීමේ කවිය තුළ වධහිංසාවට එරෙහි ප්‍රකාශයක් ඇතුළත් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.

අදහස් දැක්වීමෙන් අනතුරුව චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි.




2018-06-28
Advertisement

Find us on Facebook