English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසා සතිය ගැන මාධ්‍ය දැනුවත් කිරීමක්.

ජාත්‍යන්තර වධහිංසා දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන 22 ක් එක්ව සංවිධානය කරන වධහිංසාවට එරෙහිවූවන් වෙනුවෙන් වූ සතිය ගැන දැනුවත් කිරීම සඳහා 2018 ජූනි 20 වෙනි දින නිපෝන් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර, ලංකාවේ වධහිංසාව, නීතිවිරෝධී ඝාතන සම්බන්ධයෙන් හා නඩු ප්‍රමාදය ගැන තොරතුරු රැසක් එහිදී ඉදිරිපත් විය.

2018 ජූනි 25 සිට 30 දින දක්වා වධහිංසාවට එරෙහි සතියක් නම් කර ඇති බවත්, එම සතිය තුලදී පුවත්පත්වලට ලිපි සැපයීම, ප්‍රාදේශීය වැඩසටහන් පැවැත්වීම, සංවාද මණ්ඩලපයක් පැවැත්වීම, රාජ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන සහභාගි කරවා ගැනීම, සිදුකිරීමට නියමිතය. මීට අමතරව මෙම සෑම වැඩසටහනක් වෙනුවෙන්ම ජනමාධ්‍ය ඇසුරෙන් ප්‍රචාරයක් ලබා දීමට , වෙබ් අඩවි-ෆේස් බුක් භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව ඔවුන්ගේ අදහස් දැක්වීමේදී ප්‍රකාශ විය. එම අදහස් දැක්වීම් වල වීඩියෝ පහත දැක්වේ...


 




2018-06-27
Advertisement

Find us on Facebook