English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“වධහිංසාවට තිත” බදුල්ලේදී...

2018 ජූනි 26 වෙනි දින ජාත්‍යන්තර වධහිංසාවට එරෙහිවුවන් වෙනුවෙන් වූ දිනය සැමරීම වෙනුවෙන් බදුල්ල ප්‍රදේශයේ සිවිල් සංවිධාන එක්ව වැඩසටහන් ගණනාවක් දියත් කර තිබිනි. සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රමුඛ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් වූ ඌව ශක්ති පදනම සුරේෂ් නඩේසන් මහතා මෙසේ අයිතිය” වෙත අදහස් දැක්වූවේය.

බදුල්ල නගරය තුළ පුරවැසියන් දැනුවත් කිරීම සඳහා සාමකාමී පෙරහැරකින් පැමිණ ජනතාව දැනුවත් කිරීමක් සිදුකලා. සිවිල් සංවිධාන, මානව හිමිකම් කොමිසම, පුරවැසි එකමුතුව, සියළු දෙනාම එකතුවී, මෙම දැනුවත් වීම සංවිධානය කලා. මේ රටේ සියලූ ජනතාවගේ අයිතීන් එනම් දේශපාලනික, සාමාජීය, සංස්කෘතික අයිතීන් සමානව පිළිගන්නවා වගේම සියළු නීති රීති සියළු දෙනාට එක සමානව ක්‍රියාත්මක විය යුතුයි. වධහිංසාවට ලක් වූවන් මේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා.

කලින් රෙජීමය ක්‍රියාත්මක වුනු කාලය තුළ, අපිට පාරට බහින්නවත්, මෙවැනි පණිවිඩයක් කියන්නටවත්, අවස්ථාවක් තිබුනේ නැහැ. අපිට මතකයි ඉතිහාසය. දැන් අපිට අවස්ථාවක් තියෙනවා ජනතාවත් එක්ක, ජනතාවත් සමග බයෙන් සැකෙන් තොරව පාරට බැහැලා ක්‍රියාත්මක වෙන්න. නිසා බදුල්ල නගරයේ අපි කරපු වැඩ කොටස අපි දිගටම කරගෙන යනවා. මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන බදුල්ලේ ක්‍රියාත්මක වෙනවා. රයිට් ටු ලයිෆ් මධ්‍යස්ථානයත් ඊට හවුල් වෙනවා. ජනතාව අප වෙත ඇවිත් තමන්ගේ ප්‍රශ්න විසඳගන්න නොහැකි අවස්ථාවන්හීදී අප සමග එකතුවෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට බොහෝ දෙනෙක් අපිට උදව් කලා. රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හා පොලීසිය මේ සඳහා අප සමග සම්බන්ධ වුනා.

       

මේ වෙනුවෙන් අපි මහජනතාව දැනුවත් කරනවා වගේම, ස්ටිකර් ව්‍යාපෘතියකුත්, පත්‍රිකා බෙදා හැරීමකුත් සිදු කලා. ඊට අමතරව ඩිජිටල් වීඩියෝ තුලින් කෙටි වීඩියෝ දර්ශන, කෙටි චිත්‍රපට පවා ප්‍රදර්ශනය කලා. විශාල ජන කණ්ඩායමකට පුළුවන් වුනා, ඔවුන්ගේ දැනුම මේ මගින් වැඩි කරන්න. තමන්ට විතරක් නෙමෙයි වෙනත් කෙනෙකුට වධහිංසාවක් සිදුවෙනවා නම් වෙනුවෙන් පෙනී සිටින්නට මේ තුලින් ඔවුන්ට දැනුම ලැබුනා.




2018-06-27
Advertisement

Find us on Facebook