English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“සමාජය විසින් වධහිංසාව සාධාරණීය කිරීම නීතියේ ආධිපත්‍ය ගිලිහීම හා ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක්” - ප්‍රසන්න විතානගේ
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ජුනි 23 සිට ජුනි 30 දක්වා දින වදහිංසාවට එරෙහි සතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ලංකාවේ වදහිංසාව හා මානව හිමිකම් තත්ත්තවය පිළිබදව විද්වත් මත විමසුමක් ආරම්භ කර ඇත. ඒ අනුව ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂක ප‍්‍රසන්න විතානගේ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද කොටසකි. 

“බොහෝ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුවෙන්නේ නැහැ. ඔවුන් ඉන් මීදී යනවා. සමහර සැකකරුවන් නීතියේ රැහැනට ගෙන යනවා වෙනුවට ඔහුව පොලිසියෙන් අල්ලන්න යන අවස්ථාවේ දී ඇති වූවා යැයි කියන ගැටුමකදී විවිධ අයුරින් මිය යනවා. පොලිස් වෙඩි පහරින් හෝ සැකකරු විසින් වෙඩි තබාගත්තා කියන දේ අපට නිතර අහන්න ලැබෙනවා. මේ පිළිබදව කිසිදු ප‍්‍රශ්ණ කිරීමක් නැහැ. සියලූම දෙනා එය පිළිගන්නවා. සමාජය එතනට පත්වෙලා තියෙන්නේ ඇයි ? අපරාධකරුවන්ට නීතියෙන් බේරී සිටීමට හැකි බව දන්න නිසා සමාජයේ සමහර කොටස්  විශ්වාස කරනවා, මොන විදියට හරි මරලා දාල හරි මේ ප‍්‍රශ්ණ විසදිය යුතුය කියලා. මම අර කලින් කිව්ව අවුරුදු ගානක් තිස්සෙ දැකපු දේවල් එක්ක මේ විදියට හිතන් පුරුදු වෙලා. නීතියේ ආධිපත්‍යය ගිලිහීමේ ප‍්‍රකාශනයක් හා ප‍්‍රචණ්ත්වයේම ප‍්‍රකාශනයක් හැටියට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. මනුෂ්‍ය ඝාතනය, වධදීම සාධාරණී කරණය කරන්න හදන්නේ ඒ නිසයි. නමුත් එය කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකියි.”

“වත්තල, ජෙරාඞ් පෙරේරාගේ සිද්ධිය ගන්න. වත්තල පොලීසිය විසින් ඔහුව වරදවා හඳුනා ගැනීම නිසා අත්අඩංගුවට ගෙන සිහිසුන් වෙනතුරු පහර දුන්නා. එහෙම පහර දෙන්න අයිතියක් තියෙනවද?. ඔහු නෙමෙයි එම අපරාධය කළේ. මේ පහර දීම කරන්න පොලිසියට තියෙන අයිතිය කුමක්ද?. පොලිසියටත් ඉහළින් තිබෙන පීඩනය නිසා ඉක්මනින් වරදකාරයෙක්ව පෙන්වීමේ වුවමනාවක් තිබෙනවා. අහිංසකයෙක්ව වරදකාරයෙක් හැටියට ඉදිරිපත් කරනවා. මේක ඉඩ දිය යුතු දෙයක් නෙමෙයි. කොහෙත්ම අනුමත කළ දෙයකුත් නෙමෙයි. පොලිසිය එසේ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.”

“පොලිසියට මේ සම්බන්ධව අවශ්‍ය අධ්‍යාපනය හා පුහුණුව දීලා නෑ. පහල පොලිස් නිලධාරියාට ඉහලින් පීඩනයක් ගෙනල්ලා තියෙනවා කොහෙන් හරි වරදකාරයෙක්ව ඉක්මනින් ඉදිරිපත් කරන්න. මේ තත්ත්වය වලක්වා ලීමට අප නීතිය ඉහල ඔසවා තැබිය යුතුයි. නීතිය සාමාන්‍ය කෙනෙකුට අතට ගැනීමට නොහැකි සේම නීතිය අභිබවා යාමට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියටත් නොහැකි විය යුතුයි. ඒ ගැන සමාජය දැනුවත් කළ යුතුයි.” 

“මේ රටේ පොලිසිය, හිතන් ඉන්නේ සැකකරුවන්ගෙන් කටඋත්තර ගැනීමට තියෙන එකම ක‍්‍රමය ඔවුන්ව වධහිංසාවට පැමිණවීම කියලා. ඒ වගේම මේ රටේ අතුරුදහන් කරවූ අය සම්බන්ධයෙන් ගත්තොත් අපිට අතුරුදහන් කරවීම ගැන ඉතිහාසයක් තියෙනවා. නමුත් අතුරුදහන් කරවූ අයට දඩුවම් දුන් ඉතිහාසයක් නෑ. අතුැදහන්කරවීම වැරදි අමානුෂික ක්‍රියාවක් කියලා මේ රටේ සහතික කර නැහැ. ඊට යුක්තිය ඉටු කරන්නට කිසිම රජයක් සමත් වෙලා නැහැ. ඒ හැමෝම ප‍්‍රචණ්ත්වයට මුහුණ දෙන්න කියලා ගෙනාපු ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු සියළුම පනත් සිවිල් වැසියන්ටත් බලපානවා. ඔවුන්ගේ සිවිල් කටයුතුවලට බලපානවා. මෙන්න මේ තත්ත්වයේදී අපි ගත්තෝත් ප‍්‍රධාන සිදුවීම් දෙක (71/ 88,89) මගහැරලා අපිට මේ ගැන කතා කරන්න බෑ. ප‍්‍රචණ්ත්වය සාමාන්‍ය කිරීම, වධහිංසාව සාමාන්‍යකරණය කිරීම නොසලකා කතා කරන්න බෑ.”

 

එම වීඩියෝව පහතින්...

  



2018-06-26
Advertisement

Find us on Facebook