English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශුද්ධ භුමියේ සිංහල බෞද්ධයෙක් අතුරුදහන් වීම ප‍්‍රශ්නයක් !

"මධුෂ්කගේ අතුරුදහන් විමට අනුරාධපුර පොලිසිය වගකිව යුතු යැයිි" මයුරි ඉනෝකා ,මධුෂ්කගේ බිරිද පවසන්නිය. මධුෂ්ක අතුරුදහන් වී, මේ මස(සැප්:02)දාට වසරක් ගෙවුන ද තවමත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් මයුරිට හෝ ඔහුගේ දෙමවුපියන්ට සහෝදර සහෝදරියන්ට ලැබී නැත.

සිවිල් පුරවැසියෙක් අතුරුදහන්වී සිටින විට ඒ සඳහා නොනවත්වා බලපෑම් කරන විට ඔහු සොයන්නට රටේ ආරක්‍ෂාව සාමය හා නීතිය සුරකින්නට ප‍්‍රධාන වගකීම දරණ මහජනතාවගේ පොලීසිය නිහඬ ඇයි යන්න විශාල අරුමයකි ! ඔවුන් මෙම කාරණාව සම්බන්ධයෙන් ඇල්මැරුණු දායකත්වයක් දක්වන්නේ සිද්ධිය පිළිබඳව ”අපි නොදනීයි ඒත් පොලිසිය දනියි” නිසා ද යන සාධාරණ සැකය ද ඉස්මතුවෙයි.

”නිතිඥ කරුණාරත්න මහත්තයා, මමයි මධුෂ්කගේ අම්මයි ඉදිරිපිට දුරකතනයෙන් අනුරාධපුර ජේ්‍යශ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහත්තයට කතාකලා. ඒ වෙලාවේ මහේෂ් මහත්තයා කිවුවා මධුෂ්කව  පුත්තලම දක්වා ගෙනියනවා ඔහු දන්නවා, ඒත් ඊට පසුව සිදුවුනු දේ කියන්න දන්නේ නැහැ කියලා.” මයුරිට මෙහෙම කියන්නේ මහජන සේවයට කැපවුණු වගකිව යුතු පුද්ගලයින් විම, තවත් කි දෙනෙකුගේ අතුරුදහන් විමට පෙර ලකුණු  නොවන්නේ දැයි කාහට නම් සහතික දිය හැකි ෙවි ද? සැමදෙනාටම ජිවත්විමේ අයිතිය ව්‍යවස්වි තිබුණ ද දැන් දැන් පෙරට වඩා එය තර්ජනයක් වි ඇත. අතුැරදහන් කිරිම සම්බන්ධයෙන් ලංකාව ප‍්‍රධාන පෙළේ සිටිම පිළිබඳව ලැජ්ජා බය  නැතිවන තරමට හෘදවස්තු ගල් ගැසි ඇත.

මධුෂ්කගේ අතුරුදහන් විම පිළිබඳව විරෝධය පාමින් ඔහු සොයා දෙන්නැයි ඉල්ලා සිටින උද්ඝෝ්ෂණ ව්‍යාපාරය සංවිධානය කළ එක් පාර්ශවයක් වන අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා මෙදින පැවති උද්ඝෝ්ෂණ අවසානයේදි ජේ්‍යශ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ඉදිිරිපිට සහ අනුරාධපුර පොලිස් ස්ථානය අසළදී මෙසේ පැවසුවේය;

”මධුෂ්කව අරන් ගියවුන් සොයන එක මේ පොලිසියේ වැඩක්. පොලිසිය
මේ ජඩ වැඬේ කලා. එසේ නොවේ නම් ඇයි මධුෂ්කව සොයන්නට පොලිසිය පෙරමුණ නොගන්නේ. මේ ශුද්ධ නගරයේ සිරිමා බෝ සමිදුන් අභියස සිංහල මධුෂ්කලා අතුරුදහන් වෙනවා. යුද්දෙන් පස්සේ උතුරේ ඔිනතරම් අතුරුදහන් සිදුවුනා. සමහරවිට ඔවුන් දෙමළ නිසා දකුණ නිහඩ වුනා. දැන් දකුණේත් අතුරුදහන්විම් කිදුවෙනවා. සිවිල් බලතල හමුදාව අතට ගන්නවට අපි විරුද්ධයි. හමුදාව මේක කළානමි පොලිසියේ හයිය මදි මේකට දෙයක් කරන්න. අපි නිතිඥ සංගමයත් එක්ක එකතුවෙලා, සිවිල් පාලනය හමුදාව අතින් ගැනිම උදෙසා කටයුතු කරනවා. මධුෂ්කගේ දරුවො දෙන්නා තමන්ගේ තාත්ත කොහේද කියලා ඇහුවම ඒකට දෙන්න උත්තරයක් අවශ්‍යයි. අපි නඩුවක් දාලා තියෙන්නේ ඒක නොවැ 04 නැවත කල්ගියා. නමුත් අපි මේ සටන නවත්වන්නේ නැහැ පොලිසියට සහ ඒ එස් පී ට අපෙන් වෙන කරදරය නවත්වන්නේ නැහැ. ගෝඨාභය ලෝකෙටම කියනවා අපි ත‍්‍රස්තවාදය සාර්ථකව නැවැත්වුවා කියලා එත් ඔහුට බැහැ අතුරුදහන් කල සිංහල භෞද්ධයකු හොයාගන්න. මේ අතුරුදහන් කිරිම්වලට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය වගකියන්න  ඕනා.”

මේ අවස්ථවට, අනුරාධපුර සවිස්ත‍්‍රි කාන්තා සංවිධානය, මීගමුව ශ‍්‍රි විමුක්ති කාන්තා සංවිධානය, සාධුජන රාවය කණ්ඩායම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, කි‍්‍රස්තියානි සහයෝග්‍යතා ව්‍යාපාරයේ සාමාජිකයින්, කිතුසර පුවත්පතෙහි සාමාජිකයින් මෙන්ම අනුරාධපුර ජනතාව මධුෂ්කගේ පවුලේ අය ද ඔහුගේ මිතුරන් සහ හිතවතුන් සහභාගි වුහ. මධුෂ්ක පිළිබඳ යම් නිශ්චිත තොරතුරක් දැනගන්නා තුරු මේ කටයුත්ත අත්නොහරින බව සියලූදෙනාගේ හඬ විය.

මධුෂ්කගේ බිරිදට ස්වාමියාව අහිමි කලේය. නිවුන් දරු දෙදෙනාට පිය සෙනෙහස අහිමි කළේය. වියපත් මවිපියන්ට පුතෙක් අහිමි කළේය. සහෝදරයන්ට සහොදරයෙක් අහිමි කලේය. මිතුරන්ට මිතුරෙක් අහිමි කලේය. එහෙත් මෙවැනි ඛේදනීය ඉරනමි තවදුරටත් සිදුවීම මේ ශ‍්‍රී ලංකාවෙන් , බහුතරයක් බෞද්ධ යැයි කියනා ලංකාවෙන් තුරන් කළ යුතුය. අතුරුදහන්කිරිම තුළ අමිහිරි ඉරණමකට මුහුණදෙමින් සිටින තවත් දහස් ගනන් සෝ සුසුම් හෙළන උතුරේ ද දකුණේ ද සිවිල් ජනතාවට සත්‍යය හෙළිදරව් කරන්නැයි ද ඔවුන්ගේ සුසුමට සාධාරණයක් ඉටුකරන්නැයි ද ඔවුන්ගේ කදුලට විසදුමක් ලබාදෙන්නැයි ද ඒ සියල්ලටම බලය පෑ හැකි පාලකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු!! මෙතෙක් මුළු රටේ ම සිදුවී ඇති සියලූ ආකාර පැහැරගෙනයෑම් වලට, අතුරුහදන්කරවීම්වලට අපගේ දැඩි විරෝධය ද මෙසේ සටහන් කරමු!!!


දීපා ප‍්‍රනාන්දු ශුද්ධවු පවුලේ පැවදි සොයුරිය - ක‍්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය
ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා


2014-09-04
Advertisement

Find us on Facebook