English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නඩු කඳු ගැන මහජන පෙත්සමක්

ශ්‍රී ලංකාවේ වධහිංසාවට එරෙහි සිවිල් සංවිධාන එකමුතුව සමග රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද නඩු ප‍්‍රමාදය ගැන මහජන පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහන අද දින (ජූනි 25) අලූත්කඩේ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී පැවත් විය.

මෙම වැඩසටහන සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගී වී සිටි අතර, ඒහිදී නඩු ප්‍රමාදය පිළිබදව අත්පත්‍රිකා බෙදමින්, විශේෂයෙන් නඩු අත්දැකීම් ඇති ජනතාව සමග සංවාදයේ යෙදෙමින් නඩු ප්‍රමාදයට ඒරෙහිව මහජන පෙත්සම සදහා අත්සන් ගැනීමත් සිදු විය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා, 

"ජාත්‍යයන්තර වධහිංසාවන්ට ලක්වූ වන්ට  සහය දැක්වීමේ දිනය වූ ජූනි 26 ව දිනට යෙදී තිබෙනවා. ඒ් නිමිත්තෙන් වදහිංසාවට එරෙහි සතියක් ශ්‍රී ලංකාවේ වදහිංසාවට ඒරෙහි සිවිල් සංවිධාන ඒකතුව  නම් කරලා තියෙනවා. ඒහි එක් අදියරක් ලෙස අපි අද නඩු ප‍්‍රමාදය ගැන මහජනයා දැනුවත් කිරීමත්, මහජන පෙත්සමක් අත්සන් කිරීමත් ආරම්භ කළා.

ලංකාවේ නඩු ප‍්‍රමාදය බරපතල ප‍්‍රශ්නයක්. නඩු ප‍්‍රමාදය නිසා ඒ මෙම නඩුවලට සම්බන්ධ පුද්ගලයන් පමණක් නොව මුලු මහත් ජන සමාජයටම විශාල හානියක වෙලා තිබෙනවා. ඒය මේ රටේ සංවර්ධනයටත් විශාල බලපෑමක් වෙලා තියෙනවා. සමහර නඩු විසඳීමට අවුරුදු දහය, පහළොව ගත කිරීමෙන්, නීතියේ ආධිපත්‍යය නැත්නම් යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය ප‍්‍රශ්නයට ලක්වෙලා තියෙනවා. මේ හේතුව නිසා යුක්තිය, සාධාරණත්වය බලාපොරොත්තු වෙන මිනිස්සු තමන්ගේ ප‍්‍රශ්නය වෙනත් ආකාරවලින්, පෞද්ගලික ක්‍රියාමාර්ග හරහා විසඳාගන්න උත්සාහයක් පහුගිය කාලෙම අපිට දැකගන්න ලැබුනා.

ඒ එක්කම අපරාධකාරයන්ට, අපරාධ කිරීම සඳහා තෝතැන්නක් නිර්මාණය වෙලා තියෙනවා අපේ රටේ. අපි දකිනවා අපරාධ වැඩි වෙනවා. අපරාධ වැඩිවෙන්න හේතුවක් තමයි අධිකව පැවතෙන නඩු ප‍්‍රමාදය. මේ නඩු ප‍්‍රමාදය නිසා සාමාන්‍ය මිනිස්සුන්ගේ දිරි බිඳිලා, අධිකරණ ක‍්‍රමය පිළිබඳව විශ්වාසය නැතිවෙලා අධිකරණවලින් මිනිස්සු වේගයෙන් ඈත්වෙලා යනවා. අධිකරණයෙන් ඈත්වෙනවා කියලා කියන්නේ මිනිස්සු ඒ රට සංවර්ධනය වෙත ගෙන යන්න බැරිවෙනවා. ඒක නිසා අපි හිතනවා මේ පිළිබඳව සමාජ අවධානය මීට වඩා යොමු විය යුතුයි. රජය යම් කිසි පියවර කිහිපයක් අරගෙන තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති කළ වෙනස් කම් පිළිබඳ අපි සතුටු වෙනවා. ඒ ආයතනයට විශාල සේවක හිගයක් තිබුනා. ඒ සඳහා අලූතින් බඳවා ගැනීම් සිදු වුනා. අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ එක්කම විශේෂ අධිකරණයක් පිහිටෙව්වා. එය තවම ආරම්භ වෙලා නෑ. එය ජූලි 15 වෙනිදා වන විට ක්‍රියාත්මක වෙනවා කියලා තියෙනවා. ඒ වගේම විශේෂ වූ පියවර අරගෙන මේ රටේ නඩු ප‍්‍රමාදය අඩු කරන්න පියවර ගන්න අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරන්න  ඕනා.”

    

මෙම අවස්ථාවට සහභාගි වූ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්,

"ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ආයතනයන් තුනම කඩා වැටිලා තියෙන්නේ. නඩු ප‍්‍රමාදය කියන්නේ යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නැති එක හා සමානයි. ලංකාවේ තියෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි ලංකාවේ තියෙන අපරාධ නඩුවලින් 94% ක් ප‍්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව අපරාධ නොකරන නිසා නෙමෙයි. නඩු කල්යාම නිසා සාක්ෂිකරුවන් සොයාගත නොහැකි වීම. විශේෂයෙන් බාල අපරාධ නඩුවලදී නඩුව අවුරුදු පහළොවක් විතර කල් යනවා. එතකොට බාලවයස්කාරයා හෝ බාලවයස්කාරිය විවාහ වෙලා. එක්කෝ විදේශ රැකියාවකට ගිහිල්ලා. විවාහ වුනාට පස්සේ නඩුවට සාක්ෂිදීමට පැමිණීම ලොකු අර්බුදයක් බවට පත්වෙනවා. පවුල් ජීවිතය අඩාල වෙන නිසා ඔවුන් එන්නේ නෑ. තමන්ට එවැනි කරදරයක් වුනා කියලා විවාහ වුනු පුද්ගලයාට කියලාවත් නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට ස්ත්‍රී  දූෂණ වලදි, බාල වයස්කාර දූෂණවල නිදහසේ ප‍්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. සාක්ෂිකාරයෝ ඇවිල්ලා පොලිස් නිළධාරීන් වගේ පොත් බලාගෙන සාක්ෂි දෙන අය නෙමෙයි. කාලයත් එක්ක මතකය ගිලිහී යාමේ අවස්ථාවක් තියෙනවා. ෆෝටෝග‍්‍රැෆික් මතකය කාටවත් නැහැ. දැන් කියන දෙයක් තව ටිකකින් කියද්දි වෙනස් වෙනවා. කාලාන්තරයක් ගියාම ලංකාවේ නීතිය අනුව, සාක්ෂිකරුවන්ගේ තත්ත්වයත් එක්ක විත්තිකරුවන් නඩුවෙන් නිදහස් වෙනවා. ලංකාවේ සාක්ෂි ආරක්ෂා කිරීමට ක‍්‍රමවේදයක් නැහැ. මොකද හේතුව පාතාලය, අපරාධකරුවන් සංවිධානය වෙලා ඉන්නවා. සාක්ෂිකරුවන් ආරක්ෂා කරන පනත් හැදුවට සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට ක‍්‍රමවේදයක් නැහැ.”

ඒවගේම අපිට පේනවා දේශපාලන නඩුවලදි කල්යාමේ තත්ත්වය වැඩියි. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නඩු එහෙම දිගින් දිගටම මාස අටෙන් අටට කල් යනවා. ඒකට හේතුව තමයි තමන් බලයේ ඉන්න කාලයේ පත් කළ විනිසුරුවරු තමන්ට දක්වන පක්ෂපාතීත්වය. දැන් අවුරුදු තුනහාමාරක් ගිහිල්ලාත් කිසිම දෙයක් කරන්න පුළුවන් වෙලා නෑ, මිනිස්සු අධෛර්යය වෙනවා. පොඩි මිනිසාට නීතිය ක්‍රියාත්මක වෙනවා, ලොකු මිනිහාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා මිනිස්සු කියනවා. ”

මහජන අදහස් දැක්වීමක් - ඩිලාන් පෙරේරා

මගේ කොළඹ සිවිල් අධිකරණයේ පෞද්ගලික නඩුවක් තියෙනවා. එම නඩුව වෙනුවෙන් වසර 09 ක් පුරාවට මම වෙහෙස වෙනවා. නඩුවාර 200කට පමණ මම පෙනී හිටලා තියෙනවා. නමුත් තවම යන්නේ නඩුවේ මූලික අවදියයි. මම කැමතියි මේ නඩු වාර ගණන අඩු කරලා මේ නඩුව ඉක්මනට අවසන් වෙන ක‍්‍රමයක් තියෙනවා නම්. මේ වන විට මේ නඩුවේ පැමිණිල්ලේ හරස් ප‍්‍රශ්න අවසන් වෙමින් තියෙන්නේ. ඉදිරි පියවර ගණනාවක් තියෙනවා ගැනීමට. කෙසේ හෝ මේ නඩු කටයුතු ඉක්මනින් අවසන්වීමට කටයුතු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

වීඩියෝව පහතින්....


 




2018-06-25
Advertisement

Find us on Facebook