English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම අරමුදල් වලට බලපෑමක් විය හැකියි - රුකී ප්‍රනාන්දු

“ ඇමෙරිකාව කියනවා ඒගොල්ලෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අයින් වෙනවා කියලා. ඒ ගොල්ලෝ ඒකට ආසන්නම හේතුව විදියට කියලා තියෙන්නේ මේක හුගක් දේශපාලනීකරණය වෙලා තියෙනවා කැත විදියට ඒ වගේම ඊශ්‍රායෙල් විරුද්ධ ප‍්‍රතිපත්තියක් තියෙනවයි කියලා. මම දකින විදියට මානව හිමිකම් කවුන්සලය කියන්නේ දේශපාලනික සංවිධානයක්. මොකද ඒකේ නියෝජනය තියෙන්නේ රටවල් 47ක්. ඒ නියෝජනය වෙන්නේ ඒ රාජ්‍යයන්. ඒ කියන්නේ ඒකේ අනිවාර්යයෙන් දේශපාලන ස්වභාවයක් තියෙනවා. සමහර අවස්ථාවලදී ඇමෙරිකාවට හිතෙනවා ඇති සමහර මානව හිමිකම් ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න කැමති නෑ කියලා. උදාහරණයක් වශයෙන් ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ජාත්‍යයන්තර වශයෙන් ඇමෙරිකාව සෑහෙන්න මැදිහත්වීමක් කරා. දැන් හිතෙනවා ඇති ඒක අවශ්‍ය නැහැයි කියලා. ඒක වැදගත් නෑයි කියලා. ඒක දේශපාලන ස්ථාවරයක්. මේක හුගක් ඇමෙරිකාව බලවත් රටක් විදියට මේ වගේ ජාත්‍යයන්තර මට්ටමේ තියෙන යාන්ත‍්‍රණවලට මැදිහත්වීම, සහයෝගය පල කිරීම වැදගත් වෙනවා. ඒකෙන් ඉවත්වීම හුගක් අවසානාවන්ත සිදුවීමක්. එක්සත් ජාතින්ගේ සමුළුවේ අතර තියෙන යාන්ත‍්‍රණයක් තමයි මානව හිමිකම් කවුන්සිලය. ඒතකොට ඇමෙරිකාව අයින් වෙන්නේ ඒකෙන්. කාර්යාලයේ කෙනෙක් තමයි මහකොමසාරිස්වරයා හෝ තුමිය. දැන් ඉන්න සෙයිඩ් අල් හුසේන් මහත්මයා අයින් වෙනවා මාස දෙකකින් විතර. එයාගේ කාලය අවසන් වෙලා එයා අයින් වෙන්නේ. එතකොට අලූත් කෙනෙක් පත් වෙනවා. එතකොට ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීම මහකොමසාරිස්වරයාගේ කාර්යයට කෙලින්ම බලපාන්නේ නෑ. බලපෑමක් වෙන්නත් බෑ. මහකොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සලයෙන් ස්වාධීන කෙනෙක් විය යුතුයි.”

ඉන්ෆෝර්ම් ආයතනයේ රුකී ප‍්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවිය වෙනුවෙන් ඔහුගෙන් අදහස් විමසා සිටි අවස්ථාවේදීයි.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමු වෙලා තිබුනා පසුගිය අවුරුදු කිහිපය තුළ. අන්තිම අවුරුදු කිහිපයේදී ඒ සඳහා මූලිකත්වය ගත්තේ ඇමෙරිකාව. ඇමෙරිකාව අයින් වුනාම අපි බලාපොරොත්තු වෙනවා, වෙන රටවල් ඒ සම්බන්ධයෙන් මූලිකත්වය ගනියි කියලා. අපිට හැමදාම ඇමෙරිකාවවත්, එංගලන්තයවත්, බලාපොරොත්තුවෙන්න බෑ මූලිකත්වය ගනියි කියලා. විශේෂයෙන්ම මම ප‍්‍රාර්ථනා කරනවා බලාපොරොත්තුවෙනවා ලතින් ඇමෙරිකානු රටවල්, අප්‍රීකානු රටවල්, ආසියානු රටවලුත් මූලිකත්වයක් නායකත්වයක් ගනියි කියලා.”

“ඇමෙරිකාව කියන්නේ ලෝකයේ තියෙන හුඟක් ධනවත්ම රටක්. මානව හිමිකම් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි පොදුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හුගක් අරමුදල් සපයන්න පුළුවන් රටක්. ඒගොල්ලෝ මේකෙන් ඉවත් වෙනවා කියන්නේ අරමුදල් ලැබෙන එකට බලපාන්න පුළුවන්. අරමුදල් නොලැබීම නිසා සමහර වැඩ කටයුතු අඩපන වෙන්න පුළුවන්.” 

වීඩියෝව පහතින්...


  




2018-06-23
Advertisement

Find us on Facebook