English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“මට බැනවදින හිමි නමකට හෝ පුද්ගලයකුට මා කල කිසි වරදක් නෑ.... නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන්න දායක උනා ඇරෙන්න” - සන්ධ්‍යා එක්නැලිගොඩ

2016 ජනවාරි 25 වැනිදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ විභාගයට ගත්  අවස්ථාවේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට “උඹේ මිනිහා කොටියෙක් ... තෝ ගිහින් හිඟා කාපිය” කියා බැන වදිමින් පහර දීමට තැත් කිරීමේ සිද්ධියට අදාලව ඇය විසින් හෝමාගම පොලිසියේ කළ පැමිණිල්ලට අදාළව කළාය.

එම පැමිණිල්ලට අදාළව නඩුවේ තීන්දුව ඥානසාර හිමියන් චෝදනා දෙකක් යටතේ වැරදිකරු  කරමින් 2018 ජුනි මස 14 වැනි දින ප්‍රකාශයට පත් කළේය. මාස 06 යේ සිරදඬුවම් දෙකක් මාස 06 කින් ගෙවෙන ලෙසත්, රු. 1500 යේ දඩ දෙකක් හා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රු. 50000 ක් ගෙවන ලෙසටත් එහිදී හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය එසේ දඬුවම් නියම කළේය.

ඒ සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවිය වෙත සන්ධ්‍ය එක්නැලිගොඩ මහත්මිය මෙසේ අදහස් පළ කළේය...

“මේ නඩු තීන්දුවෙන් පස්සේ මේ රටේ හාමුදුරුවරු පිස්සු හැදිලා වගේ ඉතා විශාල වශයෙන් මා හට බැන වදිමින්,... කුණුහරුප කියමින්,...අභූත චෝදනා කරමින්, ආණ්ඩුවට චෝදනා නගමින් හරිම අසොභන ලෙස හැසිරෙනවා......

.....මට විරුද්ධව බැන වදින එකම හිමිනමකට හෝ පුද්ගලයකුට මා කල කිසිම වරදක් නෑ....මම මේ රටේ නීතියේ ආධිපත්‍ය සුරකිමින්, අධිකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නට පුරවැසියෙක් වශයෙන් මා සතු වගකීම තමා මා ක්‍රියාත්මක කලේ....”

ඇය දැක්වූ සම්පුර්ණ අදහස් පහතින්.....

  



2018-06-21
Advertisement

Find us on Facebook