English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“පොලිස් නිලධාරීන් බීමත්ව වධහිංසා කිරීමෙන් තෘප්තියක් ලබනවා” - ප්‍රසංග ප්‍රනාන්දු

“බහුතරයක් පොලිස් නිලධාරීන් රාත්‍රී කාලයේ සේවය කරන්නේ බීමතින්, ඔවුන්ගේ බීමත් කම පොලිස් වධහිංසාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක්. වින්දිතයින් කෑ ගසද්දී, එපාකියද්දී, ඔවුන් ඔවුන්ගේ වදහිංසාව තවත් වැඩිකරනවා. මොකද ඔවුන් එයින් යම් මානසික තෘප්තියක් ලබන නිසා. එය අවසානයේ කෙලවර වන්නේ මරණයකින් “ යැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසයි.

“......උදාහරණයක් වශයෙන් ඇඹිලිපිටියේ සුමිත් චාමික ඝාතනයත් පොලිස් නිලධාරීන්ගේ බීමත් කමේ ප්‍රථිපලයක්.... පොලිසිය ගිහිල්ල එම මඟුල් ගෙදරට ගිහිල්ල අරක්කු ඉල්ලනවා, එවිට ඒ තරුණය කෑගහනවා අපිට අරක්කු දෙන්න බෑ කියල. ඊට පස්සේ පැය දෙකකට පස්සේ ඇවිල්ල තමයි ඒ තරුණයට පහර දෙන්නේ....”

“......සමාජයේ යම් මතයක් තියෙනවා පොලිසියට එරෙහිව යම් පැමිණිල්ලක් හෝ සාක්ෂියකට හෝ මොන යම් විදියකින් විරුද්ධව යාමෙන් අවසානයේ එක්කෝ මරණය, එක්කෝ වධහිංසාව, නැත්තන් බොරු නඩු පැනවීමෙන් තමයි අවසන් වෙන්නේ කියල එඅනි සිද්ධීන් වලට ඕනෑ තරම් උදාහරණ තියෙනවා.....”

ඔහු ඒ අදහස් පැවසුවේ ජුනි 26 දින යෙදී තිබෙන වධහිංසාවට පාත්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිති කොට ගෙන ජුනි 25 සිට 30 දක්වා වධහිංසාවට එරෙහි සතියක් නම් කොට තිබෙන අතර, ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (20) නිපෝන් හෝටලයේ දී පැවැත්වූ අවස්ථාවේදීය.

එම වීඩියෝව පහතින්...


  




2018-06-21
Advertisement

Find us on Facebook