English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ මහේස්ත‍්‍රාත් අධිකරණවල දිනකට නඩු 250ක් විසඳන්න යනවා, එක කරන්න බැරි වැඩක් “-නීතිඥ ලක්ෂාන් ඩයස්

ජුනි 25 සිට 30 දක්වා යෙදී ඇති වධහිංසාවට එරෙහි සතිය අලළා අධිකකරණවල “අයිතිය” වෙබ් අඩවිය විසින් නඩු ප‍්‍රමාදය සහ නඩු කළමනාකාරිත්වය සම්බන්ධයෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසකි.

“....නඩු ප‍්‍රමාදය මේ වන විට සමාජයේ සාකච්ඡාවෙන මාතෘකාවක්. එහිදී විශේෂයෙන් සාකච්ඡාවෙන මාතෘකාවක් තමයි බුවනෙක අළුවිහාරේ අධිකරණ විනිසුරුතුමා විසින් ඉදිරිපත් කළ වාර්තාව. ඒ අනුව කියවෙනවා දළ වශයෙන් අපරාධ නඩුවක අවසාන තීන්දුව ගන්න අවුරුදු 17 ක් ගත වෙනවා කියලා. මේක අධික නඩු ප‍්‍රමාදයක්. ඒ වාර්තාවේ විශ්ලේෂිත තවත් කාරණා තිබෙනවා. නඩු ප‍්‍රමාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට ඉතා අගතිගාමී ලෙස බලපානවා. නඩු ප‍්‍රමාදය කියන එකට නඩුවට ඉදිරිපත් වන සේවාදායකයාට සමහර වෙලාවට එපා වෙනවා. ඇයි..... නඩුව ප‍්‍රමාද වෙනවා. මම හිතන විදියට ඒකේ සෑහෙන වගකීමක් නීතිඥවරු බාරගන්න  ඕනා. නීතිපති දෙපාර්තමේන්තුවත් යම් කිසි ප‍්‍රමාණයකට වගකියන්න  ඕනා. ඔවුන් කියනවා ඔවුන්ට යටිතල පහසුකම් සහ මානුෂික සම්පත් නැහැ කියන කතාව එහෙම නම් රජය විසින් ඒක සපයන්න  ඕනා. මම පැහැදිලිව කියන කතාවක් තමයි, නීතිපති දෙපාර්තමේන්තුවට අවම වශයෙන් නීතිඥවරු 200 -300ක් වත් රජයේ නීතිඥවරු විදියට පත් කරලා නීතිඥ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න වෙනවා. එහෙම කරොත් විතරයි මෙය සාර්ථක වෙන්නේ. මම නීතිපති දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවකදි මම දැක්කා ෆයිල් ගොඩක් තියෙනවා. ස්වභාවිකව පුද්ගලයෙකුට ඒක කරන්න බෑ. දිනපතා හැම පොලිසියකින්ම ෆයිල් කිහිපයක් යවනවා නීතිපති දෙපාර්තමේන්තුවට. නිතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු දෙක තුන පහ නඩු හිරවෙලා තියෙනවා. අපි සාමාන්‍ය පුද්ගලයෙක් විදියට කිව්වොත් නීතිපති දෙපාර්තමේන්තුව වැරදියි කියලා ඒක සම්පූර්ණ කතාව නෙවෙයි.”

 “ නඩුවක් දිනයක් ගන්න ඒක සාමාන්‍ය දෙයක්. පෙනී සිටින වින්දිතයට තව දුරටත් එය වේදනාකාරී අත්දැකීමක්. අධිකරණ කළමණාකාරිත්වයේදී දැඩි ක්‍රියාමාර්ගවලට යන්න  ඕනා. අධිකරණ නිළධාරීන් තුළත්, අධිකරණය විනය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න වෙනවා. මහේස්ත‍්‍රාත් අධිකරණවල දිනකට නඩු 250ක් විසඳන්න යනවා. ඒක කරන්න බැහැ. කිසිම විදියකට එහෙම නඩු 250 ක් අහලා ඉවර කරන්න බැහැ. ඒ සඳහා දිය යුතු අවධානය දෙන්නත් බැහැ. මහේස්ත‍්‍රාත්වරයෙක් එක දවසක්, දවස්තුනක් ආවේ නැත්නම් නඩු අතිවිශාල වශයෙන් ගොඩගැහෙනවා. කොහොමද ඒක කළමනාකරණය කරන්නේ. අධිකරණ ක්ෂේත‍්‍රය තුළ විසඳන්න  ඕන කාරණය. වධහිංසාවන් අඩුවුනාට වධහිංසාවන් ගැන සමාජයේ තිබුනු ආකල්ප ලොකුවට වෙනස් වෙලාත් නැහැ. වධහිංසාවන්ට එරෙහිව හොඳ තීන්දු ලැබුනොත් මිනිස්සු පෙළඹෙන්න ගන්නවා නඩු පැවරීම්වලට. විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් සාමය ආරක්ෂා කරන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, පෙළඹීමක් ඇති කරගන්නවා වධහිංසාවන්ට සම්බන්ධ නොවෙන්න.”

  


2018-06-18
Advertisement

Find us on Facebook