English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කොමිසමේ CAT වාර්තාව ගැන බලධාරීන් සැලූනා.

එක්සත් ජාතීන්ගේ කැට් කමිටුවට ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කරන ලද වාර්තාව නිසා බලධාරීන් සැලීමකට පත්වූ බවත් ලංකාවේ වධහිංසාවන් හී තත්ත්වය සම්බන්ධයෙන්. වධහිංසාව සම්බන්ධයෙන් යම් ප‍්‍රතික්ෂේප වීමක් තිබුනානම් මේ වාර්තාවෙන් පසුව එම තත්ත්වය නැතිවුන බවත්  ජනතාවට වධහිංසාව නිසා විශාල බලපෑමක් ඇති කරන තත්ත්වයක් මෙහි තිබෙන බවත් අප සමග සම්මුඛ සාකච්ඡාවකදී මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වූ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.   

මෙම සාකච්ඡාවේදී තවදුරටත් අප වෙත අදහස් දැක්වූ වූ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය,

වධහිංසා නඩුපැවරීම ගැන අපට ආරංචියක් ලැබෙන්නේ නැහැ. අපි පත්වුනාට පස්සේ අපි ගිහින් ඇහැව්වා නීතිපතිතුමාගෙන් නඩු කීයක් පවරා තියෙනවද?.. නඩු සාර්ථක වුනු අවස්ථා කීයක් තියෙනවද කියලා?.. අද වෙනතුරු අපිට එම දත්ත අපිට ලැබිලා නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම ලංකාවට ආ පසු  ඔවුන්ට ලැබුනු දත්ත තමයි අපිට තියෙන්නේ. අපි දැනුම් දුන්නම නීතිපති දෙපාර්තමේන්තුට නඩු පැවරුවද නැද්ද යන්න අපිට දැගන්න ලැබෙන්නේ නැහැ. වධහිංසාව තුරන් කිරීමට අවශ්‍ය නම් මේ සියලූම ආයතන විශාල කැපවීමක් ගන්න  ඕන.

විත්තිකරුවන්ට දඩුවම් ලබාදිය යුතුයි. වින්දිතයන්ට සහනය ලබා දිය යුතුයි. නමුත් අපි වැඩි අවධානයක් යොමු කරන්න  ඕන වධහිංසා නිවාරණයට. එය අදාල බලධාරීන්ට මෙන්ම ජනතාව වෙත මෙම අදහස් ගෙන යා යුතුයි.

මුළු සමාජයම වධහිංසාව තුරන් කිරීම සඳහා පෙළ ගැසිය යුතු යැයි “අයිතිය” විශ්වාස කරයි. ඒ සඳහා අධ්‍යාපනික වැඩසටහන්, මාධ්‍ය වැඩසටහන්, දැනුවත් කිරීම් සිදුවිය යුතු යයි “අයිතියේ” බලාපොරොත්තුවයි.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වූ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සමග පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.


  




2018-06-16
Advertisement

Find us on Facebook