English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අැලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියන චෝදනාව පුළුවන්නම් පාර්ලිමේන්තුවෙන් එලියට ඇවිල්ල කරන්න - සිවිල් සමාජයෙන් අභියෝගයක්!
“සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අර්ජුන අලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳගෙන චෝදනා කරනවා. එසේ කරන ප්‍රකාශයන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ආරක්ෂා වෙනවා. ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් රටේ පුරවැසියකුට නෑ. ඒ නිසා ඔවුන් මේ වරප්‍රසාදය අයුතු විදියට පාවිච්චි කරමින් තමන්ට කැමති විදියේ මඩ ගැසීම් සඳහා පාවිච්චි කරනවා.” යැයි පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

ඒ පසුගිය 10 වැනිදා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් බැඳුම්කර සිද්ධියට අදාලව අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට නැගුනු චෝදනාවට පිළිතුරු ලබා දීම සඳහා කැඳවා තිබු මාධ්‍ය හමුවේදීය.

තවද,  “මේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා, ඔය කියන විදියේ 118 ක ලයිස්තුවක්වත්, 160 ගානක ලයිස්තුවක්වත්, නැහැයි කියලා. ඒ සහතිකය නීතිපති දෙපාර්තුමේන්තුව හා පොලිසීය මඟින් කතානායක වරයාට ලබාදී තිබුණා.

“අපි ඉතාමත් වගකීමෙන් කියන්නේ මේ නම් සඳහන් කිසිවෙක් අර්ජුන අලෝසියස්ගෙන් හෝ ඔහුට අදාළ කිසියම් පුද්ගලයෙක්ගෙන් හෝ ඔහුගේ ව්‍යාපාරයකින් හෝ සතපහක මුදලක්වත් අරගෙන නැති බව....... අපි සියලුදෙනා රැකගත්ත පිරිසිඳු නමක් තියෙනවා ඒ නම ආරක්ෂා කරගන්න අපිට වගකීමක් තිබෙනවා. අපි කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් එලියට ඇවිල්ල මේ ප්‍රකාශ කරන්න කියලයි. මොකද අපිට පුළුවන් එවිට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න.”

එම වීඩියෝව පහතින්........


  




2018-06-14
Advertisement

Find us on Facebook