English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ඇය සුරැකි ගමනකද?”

පොදු ප‍්‍රවාහනය කාන්තාවන් සඳහා සුරක්ෂිත කලාපයක් කිරීමේ අරමුණින් “ඇය සුරැකි ගමනකද?” යන තේමාව රැගත් මාධ්‍ය වැඩ මුළුවක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් 2018 ජූනි මස 13 වෙනි බදාදා කොළඹ 04  ඕසෝ හෝටලයේදී පැවැත්විනි.

2015 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කරන කාන්තාවන් හා ගැහැණු ළමුන්ගෙන් 90% ලිංගික හිංසනයන්ට ලක්වන බවයි. මෙම හිංසනයන්ට ලක්වෙන කාන්තාවන් සහ ගැහැණු ළමුන් සහ එම හිංසනයන් දකින ජනතාව ද බොහෝ විට මේ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි. මේ නිසාම හිංසනයන් දිගින් දිගටම සිදුවෙමින් පවතී.

ජනමාධ්‍යයන් වෙත මහජනතාවගේ අවධානය යොමු වන නිසාම ජනමාධ්‍යයන්ට මෙම සිදුවීම් පාලනය කිරීම සම්බන්ධයෙන් විශේෂ වගකීමක් ඉටු කළ හැකිය. බස්ගාස්තු, දුම්රිය ගාස්තු වැඩි කිරීමට දක්වන උනන්දුව මෙවැනි කරුණු සම්බන්ධයෙන් ඇති නොවේ. බස් රථ හිමියන්ට, රියදුරන්ට, කොන්දොස්තරවරුන්ට මෙවැනි ලිංගික හිංසනයන් අවම කිරීමට කළ හැකි දේ බොහෝය. එවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට සහ මහජනතාව උනන්දු කිරීමට දැනුවත් කිරීමට මාධ්‍ය සහය ලබා ගැනීමත්, දැනුවත් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ විය.

      

දියුණු ආකල්ප ඇති ජනතාවක් සිටී නම් මෙවැනි ගැටළු ඇති නොවේ. එවැනි දියුණු ජනතාවක් ඇති කිරීම මෙම වැඩසටහනේ අවසන් අරමුණයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් එහිදී කතා කළ නීතිඥ උදේනි තෙවරප්පෙරුම  මහත්මිය,

”.....................රංචු ගැසී පොදු ප‍්‍රවාහන සේවයේ දී ස්ත්‍රී දූෂණයක් සහ ඝාතනයක් සම්බන්ධයෙන් ලෝකයේ වැඩි අවධානයක් යොමු වුනේ ඉන්දියාවේ නිර්භයාගේ සිද්ධිය. මේ සිද්ධියේ දී ජනමාධ්‍යයන් තමන්ගේ කාර්ය මැනවින් ඉටු කලා. ඇයගේ අනන්‍යතාවය සැඟවුවා. නමුත් සැකකරුවන්ගේ අනන්‍යතාවයන් හෙළි කලා. 2003 දී කොළඹ බැස්ටියන් මාවතේ දී බස් රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් බස් රථයක් තුළ දූෂණයට ලක් වුනු සිද්ධියක් වාර්තා වුනා. ඉන්දියාවේ වෙන්න ඉස්සර වෙලා අපේ රටේ දී මෙවැනි සිදුවීම් සිදුවුනා. මම ඇය වෙනුවෙන් පෙනී සිටියා. ඇය අවුරුද්දට ගාල්ලේ ගෙදර ඉඳන් ගිහින් එන ගමන් බස් එකේ සෙනග වැටි නිසා ඇය රියදුරා ළග අසුනක වාඩි වෙනවා. ඇයට අවුරුදු 20 පමණ ඇත. රියදුරු ආසනය ලබා ගැනීමට උදව් කරන නිසා රියදුරු සමග කතා කරමින් පැමිණෙනවා. ගාල්ලේ සිට කොලඹට පැමිණෙද්දී රාත්‍රීය වෙනවා. මගින් සියලූ දෙනා බසින තුරු ඇයට සිටීමට සිදුවෙනවා. පසුව බසයේ දොරවල් ලොක් කරන ඔවුන් බස් රථයේ දී තරුණිය දූෂණයට ලක් කරනවා. අපහසුව මැද තරුණිය බස් රථයේ අංකය ලියා ගන්නවා. ඒ මත පදනම්ව ඔවුන්ට නඩු පැවරුවා. නඩුවට අපි ප‍්‍රචාරයක් දුන්නේ නෑ. මෙවැනි සිදුවීම් අනන්ත අප‍්‍රමාණ සිදුවෙනවා. අපි ඊට ප‍්‍රමාණවත් අවධානයක් දෙන්නේ නෑ. කාන්තාවන් ඊට කැමති නෑ. ඒ හරහා එන කැළල එන්නේ කාන්තාවන්ට. මුල් දවස්වල පෙම්වතා ආවා මේ තරුණිය සමග. ඇය පසුව ඔහු ඇගෙන් වෙන් වූ බව පැවසුවා. මෙයින් වෙන බලපෑම වැඩියි අපි හිතනවට වඩා. මෙවැනි තත්ත්වයකට පත් වූ කාන්තාවකට මානසික ඒකාග‍්‍රතාවය තබාගෙන සිටීම අසීරු වැඩක්. අපි හිතනවට වඩා වක‍්‍රව රටේ ආර්ථිකයට මෙම සිදුවීම් බලපානවා. රැකියාවට එන කාන්තාවට අතවරයක් සිදුවෙනවා නම් ඇයට ඇයගේ උපරිම කාර්යක්ෂමතාවය පළ කිරීමට නොහැකි නම්..............."


                 

මෙම වැඩසටහනේ සම්පත් දායකින් ලෙස උදේනි තෙවරප්පෙරුම (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල) මංජුල සමරසේකර (ලේක් හවුස් “රැස”) චන්දිම පුංචිබණ්ඩාර (ප‍්‍රවාහන අමාත්‍යංශය) ලක්ෂි සඳමිණි විජේන්ද්‍ර(ජාතික ප‍්‍රවාහන කොමිසම), වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා(ජාතික මාර්ගාරක්ෂණ සභාව) සහභාගී විය.




2018-06-13
Advertisement

Find us on Facebook