English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පාකිස්ථානයේ අතුරුදන් කිරිම් වලට එරෙහිව කොළඹදී විරෝධතාවයේ

පාකිස්ථානයේ සිදුවන අතුරුදන් කිරිම් වලට එරෙහිව සහයොගිතා උද්ඝොශනයක් අද (12) දින කොළඹ පාකිස්ථානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විය. ශ්‍රි ලංකාවේ දකුණු ආසියානු සහායෝගිතාව විසින් මෙය සංවිධානය කර තිබු අතර, පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය වෙත පෙත්සම් ලෙඛනය ඉදිරිපත් කරනු ලැබුවෙ සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය සහා මයුරි ඉනොකා ජයසෙන මහත්මියගෙ අතිනි.

       

“ලෝකයේ කොහේ හෝ අතුරුදහන් වීම් සිදුවනාවනම් එය විශාල අපරාධයක්, ඉතිං ඒ අපරාධයට ගොදුරු වෙලා ඉන්න පාකිස්ථානු සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි අද මෙතනට ඇවිල්ල ඉන්නවා.”

“ලෝකයේ දරුණතම අපරාධය වන අතුරුදන් කරවීමට ගොදුරු වූ, සැමියා අතුරුදන්වූ බිරිඳක් විදියට, හැමදාම දුක් විඳින ගැහැණියක් විදියට පකිස්ථානු රජයෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා අතුරුදහන්වීම නවත්තන්න. ඒ අතුරුදහන් කරපු මිනිසුන්ව වහා නිදහස් කරන්න යුක්තිය ඉෂ්ඨ කරන්න.” යැයි මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේ.

  




2018-06-12
Advertisement

Find us on Facebook