English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොදු ප‍්‍රවාහනය කාන්තාවන් සඳහා සුරක්ෂිත කලාපයක් කරමු!
ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්යරයේ නගරය බවට පත්කිරීම පසුගිය රජයේ තේමාව විය. ඒ සදහා අධිවේගී මාර්ග, නෙලුම් පොකුණු, නෙලූම් කුලූනු, ආකේඞ්, ලස්සන පදිකා වේදිකා, මුඩුක්කු සමතලා කොට අහස උසට ගොඩනැගුනු ගොඩනැගිලි, පෝර්ට් සිටි, කාපට් පාරවල්, නගර උද්්‍යාන වැනි අලංකාරත්මක හා ප‍්‍රචාරත්මක කටයුතු රාශියක් සිදු කරනු ලැබීය. නමුත් පොඩි වැස්සට පවා නගරය යටවන, තැන තැන කුනු කදු ගොඩගැසෙන, එම කුනු කදු කඩා වැටී නාගරිකයන් මිය යන මැසි මදුරුවන් ගහන වාහන තදබදය නිසා වාහනයක තබා පයින් වත් නිස්කලංකව යන්න බැරි තත්ත්වයක් මේ අතර නිර්මාණය විය.

අනෙක් නගර කෙසේ වුවත් කොළඹ නගරයේ ආශ්චර්යරය මි.මි 100 වැඩි වැස්සක් කඩා හැලුන වෙලාවක පැමින බලාගන්නට තවමත් පිලිවන. මේ අතර කොළඹ සියලූම වැසිකිලි අපදව්‍ය තවමත් මුහුදට දමන ආසියාවේ එකම රට බවට අප පත්ව ඇති බව ඇමතිවරයෙක් පසුගිදා ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනු ලැබීය.    

ඇගපත පොඩි නොවී, රියදුරැ හෝ කොන්දොස්තරගේ ශාරිකව හෝ මානසිකව කරනු ලබන හිංසාවකින් තොරව නිංස්කලංකව ආත්ම අභිමානයෙන් යුතුව නියමිත වේලාවට ගමනක් බිමනක් යෑම ශී‍්‍ර ලාංකික අප හැමගේ සදා සිහිනයකි. ආසියාව අනෙකුත් බොහෝ රටවල් ආශ්චර්ය කෙසේ වුවත් සාර්ථක හා ලස්සන වී ඇත්තේ අනෙකුත් යටිතල පහසුකම් සමග සාර්ථක පොදු ප‍්‍රවාහන සේවාවක් එරට ස්ථාපිත වී තිබීම නිසාය.

එම බොහෝ රටවල පොදු ප‍්‍රවාහන සේවය රජයත් පුද්ගලික අංශයත් එක්ව ගොඩනගා ඇති අතර ප‍්‍රවාහන අවශ්‍යතාවයෙන් 80%කට වැඩි ප‍්‍රමාණයක් පොදු ප‍්‍රවාහ සේවාව භාවතා කරනු ලබයි.  ඒම අවශ්‍යාවයන්ගෙන් 50% ක ප‍්‍රමාණයක් ආවරණය කරගෙන තිබෙන්නේ සාර්ථක කි‍්‍රයාත්මක වන දුම්රිය සේවාවන් මගිනි.

ලංකාව, පසුගිය කාලයට සාපේක්ෂව මේ ක්ෂේත්‍රයන්ට අදාල යටතල පහසුකම් වැඩි දියුණු කිරීමට යම් යම් පියවර ගනු ලැබුවත්, පොදු ප‍්‍රවාහනය නගා සිටවීම සම්බන්ධව සැලකිය යුතු අවධානයක් යොමු කර අැති බවක් මෙතෙක් නොපෙනේ. තවමත් අපේ බොහෝ මගින් වැඩවසම් යුගයන් හි පැවති ආකරයෙන් මිනිසුන් ලෙස නොව බඩු භාන්ඩ මෙන් රියදුරන්ගෙන් හා කොන්දස්තරවරුන්ගෙන් ඇනුම් බැනුම් අසමින් තැනින් තැනට ප‍්‍රවාහනය වේ.

පොදු ප්‍රවාහනය පිළිබදව පැවති මෙන්ම පවතින රජයේ අවධානය තවමත් හරි හැටි යොමු නොවීම ප‍්‍රශ්ණයක් වන අතරම අවුරුදු ගානනාවක සිට මේ ප‍්‍රවාහන සේවයේ රග දන්න අපගේ සටන්කාමී ගා ප්‍රගිතිශීලී මත දරණ මගීන් පොදු ප්‍රවාහනයේ ගැටලු සම්බන්ධව තවදුරටත් නිශ්බද්දව හා ඇල්මැරණු ස්වභාවයකින් පසුවීම ඊටත් වඩා බරපතල ප‍්‍රශ්ණයකි.

ලංකාවේ මගී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංගම් වෙනුවට ගොඩනැගී ඇත්තේ බස්රථ හිමියන්ගේ හා රියදුරු කොන්දොස්තර සංගම් හා දුම්රිය රියදුරු හා අනෙකුත් ශ්‍රේත‍්‍ර නියෝජනය කරන දුම්රිය සම්ගම් පමණක්  වීමත්, පදිකයන්ගේ සංගම් වෙනුවට පදික වෙළෙදුන්ගේ සංගම්, පදික වේදිකාවේ තී‍්‍රවලර් රථ තබාගෙන ඉන්න අයගේ සංගම් පමණක්  වීමත් මට එක් හේතුවක් වන්නටද පුලූවන.

ශී‍්‍ර ලංකාවේ දැනට පවතින මෙම පොදු ප‍්‍රවාහනයෙන් වැඩියෙන් ම බැට කනු ලබන්නේ කාන්තාවන් ළමුන් හා වයෝවෘද්ධයන් වන අතර ඊට පිළියමක් ලෙස රජය විසින් කාන්තාවන් හා ළමුන් සදහා වෙනම ප‍්‍රවාහන සේවාවන් හදුන්වා දෙනු ලැබුවත් ඒවා මෙතෙක් සාර්ථක වී නැත.

මේ සම්බන්ධ 2015 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කරන කාන්තාවන් හා ගැහැණු ළමුන්ගෙන් 90% ලිංගික හිංසනයන්ට ලක්වන බවයි. මෙම හිංසනයන්ට ලක්වෙන කාන්තාවන් සහ ගැහැණු ළමුන් සහ එම හිංසනයන් දකින ජනතාව ද බොහෝ විට මේ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම නිසාම මෙම හිංසනයන් දිගින් දිගටම සිදු වෙමින් පවතින බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

පොදු ප‍්‍රවාහනය කාන්තාවන් සඳහා සුරක්ෂිත කලාපයක් කරමු! යන තේමාව යටතේ පොදු ප‍්‍රවාහන සේවයේ දී කාන්තාවන්ට සිදුවන හිංසනයන් පිළිබදව  මාධ්‍ය අවධානය ලබා ගැනීම සදහා විශේෂ වැඩමුලූවක් ඒක්සත් ජාතීන්ගේ ජනග්‍රහණ අරමුදල විසින් සංවිධානය කර ඇති අතර ඒය 2018 ජූනි මස 13 වෙනි බදාදා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සහ කොළඹ 04 පිහිටි ඕසෝ හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.




2018-06-12
Advertisement

Find us on Facebook