English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බීජ පනතට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් !
ගොවියාත්, පාරිභෝගිකයත් බහුජාතික සමාගම් ඒකාධිකාරයට යටත් කරන, යෝජිත බීජ පනතට එරෙහිව, ජුනි 24 වෙනිදා පෙ.ව 10.30 ට බත්තරමුල්ල නගරයේදි ගොවි විරෝධතා රැුළිියක් හා කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරිපිටදි සත්‍යකි‍්‍රයාවක් පැවැත්වු අතර අනතුරුව ගොවි ඉල්ලීම් සහිත සංදේශයක්් ද භාර දෙනු ලැබිණි.

'යෝජිත බීජ පනත පරාජය කරමු” යන මැයෙන් පැවති එම උද්ඝෝෂණය හා සත්‍යක‍්‍රියාව, බීජ අයිතින් සුරැුකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, පුජ්‍ය මහමාන්කඩවල පියරතන නායක ස්වාමින්වහන්සේ සමඟ ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් සංවිධානයකර තිබුණි.  

දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක්ම නියෝජනය කරමින් දහසකට අධික ගොවි කමිකරු ජනතාවක් එක් වි සිටි අතර, බෞද්ධ කි‍්‍රස්තියානි මුස්ළිමි ආගමික සහජිවනය වඩවන මෛත‍්‍රි භාවනාව මෙන්ම ක‍්‍රිස්තියානි යැදුමින් ජනතාව නිහඩතාවයේ දැහැන් ගත වෙමින්, කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරිපිටදි  සියලූදෙනා එක අරමුණක පිහිටා මේ දුෂිත බීජ පනත පරාජය කිරිමේ සද් කි‍්‍රයාෙවි නිරත විය.

'අහාර ජිවයේ පැවැත්මයි. බිජය අහාර දමිවැලේ මුල් පුරුකයි. වසර දස දහස් ගණනක් ගොවින් විසින් දේශගුණයට පසට, පරිසරයට සහ පෝෂණයට ගැලපෙන බීජ සහ රෝපණ ද්‍රව්‍ය හදුනාගෙන වැඩි දියුණුකර ආරක්ෂා කර පවත්වාගනු ලැබිය. නමුත් පසුගිය සිය වසර තුළ ජිව පරිණාමය ප‍්‍රජනනය, ජාන සහ අභිජනනය පිළිබඳ විද්‍යාත්මක දැනුම නිර්මානය විමත් සමග බීජ බෝ කිරිමේ අයිතිය ගොවින්ගෙන් විද්‍යාඥයන් සහ විද්‍යාගාර වලය ද ඉන්පසුව ලාභ ඉපැයීෙමි උල්පතක් ලෙස පෞද්ගලික බහුජාතික සමාගම්වල ග‍්‍රහණයට නතුවෙමින් පවති.

ලෝකයේ බීජ සහ පළිබෝධ නාශක කර්මාන්තය පාලනය කරන්නේ බහුජාතික සමාගම් 10කි. ඔවුන්ගේ වාර්ෂික අලෙවි ආදායම ඩොලර් මිලියන 60,000 කට අධිකය. එසේ වුවද ලොකයේ බීජවලින් 75% ක් තවමත් ගොවින් සතුෙවි. එම අයිතියට මැදිහත් වි බීජ බෝ කිරිම, හුවමාරුව, අලෙවිය සහ ආරක්ෂිතව පවත්වාගෙන යාෙමි ගොවි අයිතිය උදුරාගෙන, ඒකාධිකාරය සතුකර ගැනිම බහුජාතික සමාගමිවල අරමුණයි.”යනුවෙන් බීජ පනත සම්බන්ධයෙන් කැඳවුම්කරුවන් විසින් බෙදාහරිනු ලැබු අත්පත්ත‍්‍රිකාවෙහි සඳහන් විය.

දඹුුල්ලේ 700 වැඩි ලූණු ගොවියන් ප‍්‍රමිතියෙන් අඩු වර්ගයේ බ්ජ පෞද්ගලික අයතනයකින් ලබා ගැනිම හේතුවෙන් විශාල ලෙස පාඩු විදීමට ලක්ව ඇතැයි ප‍්‍රතිපත්ති සමිපාදන අයතනයේ පරික්ෂණ නිලධාරිනියක වන දිලිනි හිරුමුතුගොඩගේ ප‍්‍රකාශ කර ඇත. ගොවියන්ගේ ප‍්‍රධාන ගැටලූවක් වන්නේ ඔවුන්ට ඉන්දියාවෙන් අපනයනය කරන විවිධ වර්ගවල බීජ මත යැපෙන්න සිදුවිම මහත් අභාග්‍යක් බවයි. ඔවුන් මුහුන දෙන පාඩු තත්ත්වයන්ට එම ආයතවලින් හෝ ආණ්්ඩුවෙන් වන්දි  නොගෙවිම මහත් අසාධාරණයක් බව ගොවිහු පවසති. මේ ආකාරයට මේ තත්ත්වය තුල ගොවින්ට මිලියන 25 පමණ අලාබයක් ඇතැයි ගනන් බලා ඇත.

අද රජරට සිට මුලූ වියළි කලාපය වසා පැතිරෙන කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් පෙලෙන සංඛ්‍යාව 50000 අධික යැයි ගනන් බලා ඇත. දිනපතා 13 දෙනෙක් මිය යති. තත්ත්වය මෙසේ පැවතියහොත් තවත් වසර 10 දි රටෙන් හරි අඩක් වකුගඩු රෝගින්ය.

විවිධාකාරයෙන් මිනිස් ජිවිතවලට විනාශය ගෙන එන ඊනියා මර්ධනකාරි බීජ පනතට එරෙහිව නොනැවති සටන් කල යුතු බව බීජ අයිතින් සුරැකිමේ ජාතික ව්‍යපාරයේ කැදවුම්කරු පූජ්‍ය මහමාන්කඩවල පියරතන නායක ස්ථවිර සහ කතෝලික පුජකතුමන්ලා දැඩි සේ ප‍්‍රකාශ කළේ්ය.

දැනුවත්විෙමි පත‍්‍රිකා බෙදාදෙමින් ජනතාව දැනුවත්කිරිමේ මහත් වැයමක නිරත වු  එම සත්‍යක‍්‍රියාව ඉදිරි ගමනකට මහත් බලපෑමක් කරනු නියතය.




2014-06-25
Advertisement

Find us on Facebook