English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදන් කරවූ මදුෂ්කගේ නඩුව මාස 06 කින් කල් යයි.

2012 වර්ෂයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වන මධුෂ්ක හරිෂ් ද සිල්වා පිළිබඳ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ 2013 වර්ෂයේ සිට විභාග වෙමින් පවතී. 2018 ජූනි 05 එනම් ඊයේ එම නඩුව යළි කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ ප්‍රියලාල් සිරිසේන මහතා පෙනී සිටින ලදි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට ප්‍රකාශ කර සිටියේ දුරකථන සංඥා කුළුනු ආධාරයෙන් අතුරුදහන්වූ තැනැත්තාව ගෙන ගිය ස්ථානය සෙවීමේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතින බැවින් ඒ සඳහා තවදුරටත් කාලය ලබා දෙන ලෙසයි. ඒ අනුව මීළග නඩු වාරය 2018 දෙසැම්බර් මස 14 වන දින දක්වා කල් යන ලදි.




2018-06-07
Advertisement

Find us on Facebook