English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වදහිංසාව නැතිවම බැරිද...? වදහිංසාවට පාත්‍රවූවන්ට සහාය දැක්වීමේ සතියක්...

එක්සත් ජාතීන්ගේ වධහිංසාවන්ට පාත්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්යන්තර දිනය සෑම වසරකම ජුනි මස 26වන දිනට යෙදී තිබේ. මිනිසෙක් තවත් මිනිසෙකුට විවිධාකාර හේතූන් මත වදහිංසා කිරීම ඉතා නින්දිත හා මේලේච්ඡ ක්‍රියාවක් ලෙස මුලූ ලෝකයම පිළිගෙන වදහිංසාව තම රජ්‍ය  ව්‍යූහය තුලින් සහමුලින්ම ඉවත්කර ජන සමාජයෙන්ද ඉවත්කර ගෙන තිබේ.

නමුත් ලංකාව තවමත් වැඩවසම් යුගයන් හි භාවිතා කළ කෲර හිංසා ක්‍රමයන් අනුගමනය කරනු ලබන අතර, රාජ්‍ය  ව්‍යූහය තුලත්, විශේෂයෙන් පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශයන්හි සැකකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම සදහාත් මෙම මේල්ච්ඡ ක්‍රමය තවමත් අනුගමනය කරයි. එමෙන්ම, අප ජනසමාජය තුලද හිංසාව තවමත් වරින් වර ක්‍රියාත්මක වේ.

වදහිංසාව වැලැක්වීම සදහා ලංකාව තුළ ඉතා බරපතල නීති සම්පාදනය කර ඇතත්, රජය වදහිංසාව කිසිසේත් ඉවසන්නේ නැති බව ජාත්යන්තර ප්‍රජාව ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබුවත් ප්‍රායෝගිකව ජීවිතය තුළ වදහිංසාවන්හි බරපතල වෙනසක් සිදු වී නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවන් මගින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ අපිට වදහිංසාව නැතිවම බැරිද, අපරාධ පරීක්ෂයේ දී වදහිංසාවට වෙනුවට වෙනත් ක්‍රමයන් අනුගමනය කිරීමට නොහැකි , වදහිංසාව සම්බන්ධව රජයත්, ජනසමාජයත් නිහඩව සිටිමන් ලබා දෙන්නේ සහයෝගයක් , විග්‍රහ, විරෝධතා, විවේචන වෙනුවට ලංකාව වැනි රටක සැබැවින්ම වදහිංසාව වැලැක්වීම සදහා අනුගමනය කළ යුත්තේ මොනවාද?     

යන්න පිළිබදව, එක්සත් ජාතීන්ගේ වධහිංසාවන්ට පාත්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ඉහත මාතෘකා සාකච්ඡා කෙරෙන සතියක් නම් කර ඇත. 2018 ජූනි මස 25 සිට 30 දක්වාය.

ජුනි 28 වෙනි දින ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී රජය, ස්වාධීන කොමිෂන් සභා හා සිවිල් සමාජය සම්බන්ධවන සංවාද මණ්ඩපයකි. අධිකරණ අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය නීතිය හා සාමය අමාත්‍යංශය, මානව හිමිකම් කොමිෂම හා පොලිස් කොමසම, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් මේ සදහා සහභාගී වේ.

මෙම වදහිංසාවට එරෙහි සතිය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ හා වදහිංසාවට එරෙහිව ගොඩනගා ඇති සිවිල් සංවිධාන විස්සේ මූලිකත්වනේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබදව ඔබගේ අදහස් හා යෝජනා ඉතා අගයට කොට සලකමි.




2018-06-07
Advertisement

Find us on Facebook