English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස්පති පොලිස් කොමිසමේ නිර්දේශවලට එරෙහි වෙයි.

වැඩතහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග පිට නැවත සේවයේ පිහිට වූ පොලිස් අධිකාරී ප්‍රයදර්ශන හේරත් මහතාගේ රාජකාරී එම නිර්දේශවලට පිටින් ගොස් යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

මේ බව පොලිස් කොමිසමෙන් හා හේරත් මහතාගෙන් කළ විමසීමක දී සිදුවීම සත්‍ය බව ප‍්‍රකාශ විය. කොමිසම මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන බව ද දැනගැනීමට ලැබී තිබේ. පොලිස් අධිකාරී හේරත් මහතාගේ සේවය මුල් වරට අත්හිටුවනු ලැබුවේ 2017 වසරේදීය. වැඩ තහනමට වසරක් ගත වුවද තමන්ට චෝදනා පත‍්‍රයක් ලබාදී නැති බව දන්වමින් ජාතික පොලිස් කොමිසන් සභාවට කළ අභියාචනයක් අනුව 2018 වසරේ ජනවාරි 18 වෙනි දින යළි සේවයේ පිහිටුවීමට කොමිසම තීරණය කළේය. නැවත සේවයේ පිහිටුවීම ගැන 2018 පෙබරවාරි මස 02 වෙනි දින නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණි. නමුත් සේවයේ පිහිටුවීමක් සිදු නොවූ නිසා නැවතත් 2018 අප්‍රේල් මස 09 වෙනි දින දැනුම්දීමක් සිදු කර ඇත.

2009 වසරේ සැප්තැම්බර් 09 වෙනි දින සිදුවුනු සිදුවීමක් සම්බන්ධව ඔහුගේ කලින් වැඩ තහනම් කර තිබුනි. 2016 වසරේ එවකට විනය හා කල්ක්‍රියාව භාර නියෝජ්‍ය පොලිස්පති රෝහණ කුමාර මහතා පොලිස් අධිකාරිවරයාට අවවාද පත්‍රිකාවක් ලබා දී තිබේ.

පොලිස්පතිවරයා හැර අනෙකුත් සියලූම පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්, මාරුකිරීම්, විනය ක්‍රියාමාර්ග මෙන්ම පොලිස් නිලධාරීන් ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධව මහජන පැමිණිළි විභාග කිරීමේ බලය ඇතුලූ මේ සම්බන්ධව ප‍්‍රධාන වගකීම් පැවරී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බලතල ප‍්‍රකාරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවත්, ඉන් පසුව පත් වූ තොරතුරු කොමිසමත් අනුව ගත් කළ මෙම පොලිස් කොමිෂන් සභාව ආරම්භයේ සිටම නිවැරදිව ක්‍රියාත්මකවන බවක් නම් අපට නොපෙනුනි. මෙම කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව විශාල විවේචනයක් ගොඩනැගී අතර, කොමසාරිස්වරු ලෙස පත්වී ඇති නියෝජිතයන් සම්බන්ධව ද සිවිල් සමාජ නියෝජිතයින් අතර ඇත්තේ මේ සම්බන්ධව ක්‍රියාකාරීවීමට උනන්දුවක් නොමැති, දැක්මක් හෝ අත්දැකීමක් නොමැති අය පොලිස් කොමිසම වෙත පත්වීම නිසා මේ තත්ත්වයට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධව අයිතිය වෙත අදහස් දැක්වූ සිවිල් සමාජ නියෝජිතයෙකු පවසා සිටියේ පොලිස් කොමිසමේ නිල කාලය මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයෙන් අවසන්ව වෙන බවයි. පොලිස් කොමිසමේ පසුගිය අවුරුදු 3 නේ ක්‍රියාකාරීත්වය පිළිබදව විමර්ශණයක් නිරතවන බවත්, එම තොරතුරු ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඔහු පැවසුවේය. එම තොරතුරු මත පදනම්ව ඉදිරි කාලය තුළ කොමිසම වෙත පත්කරනු ලබන කොමසාරිස්වරු සම්බන්ධව සිවිල් සමාජය දැඩි සැලකිල්ලකින් දක්වන බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියහ.   

 




2018-06-06
Advertisement

Find us on Facebook