English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


කොමසාරිස්වරු ඇඟ බේරාගෙන වැඩ කරනවානම් එවැනි කොමිෂන් සභාවලින් වැඩක් නෑ. - ආචාර්ය දීපිකා උඩගම(VIDEO)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට “A” සාමාර්ථයක් ලබාගැනීම සම්බන්ධයෙන් “අයිතිය” වෙබ් අඩවිය කළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම මහත්මිය අදහස් දැක්වීය.

“මුලික වශයෙන් කරුණු දෙකක් නිසා තමයි පසුගිය කොමිෂන් සභාව “B“ ශ්‍රේණියට වැටුනේ. එකක් තමයි පත් කිරීම්, පැරිස් මුලධර්ම වලට අනුකුල ප්‍රධාන නිර්නායකයක් තමයි ස්වාධීනත්වය කියන්නේ එම පත්වීම් කරලා තිබුණේ විධායක ජනාධිපති වරයාගේ අභිමතය අනුවයි. අනිත් කාරනාව තමයි රටේ තිබුණු ප්‍රබල මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳව මානව හිමිකම් කොමිසම විසින් මැදිහත් නොවී සිටීම.”

“උදාහණයක් වශයෙන් “අතුරුදහන් වීම් ගැන අපට ලැබිල තිබෙන පැමිණිලි වලට රජයෙන් වෙනත් නියෝගයක් එනතුරු ඒවා විමර්ශනය කිරීම පසුවට කල් දමනවා” යනුවෙන් එහිදී එවකට කොමිසම විසින් ප්‍රකාශ කර තිබුණා. එය මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශයක් ලෙසටද  ICC කමිටුව විසින් උපුටා දක්වා තිබුණා.”

”පසුගිය කාලය වසර දෙක හමාර තුල අපි “A” ශ්‍රේණිය වෙත යාම සඳහා කළ කාර්යභාරය දිහා බැලුවොතින්, අයදුම් කිරීම පවා ඉතා අපහසු ක්‍රියාවලියක්. එහිදී අපි මුලික වශයෙන් පෙන්වා දුන්නේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා කළ දේවල් වගේම අපි අපේ වැඩ සංවිධානය කරගත් ආකාරයි. මෙහිදී අපි පැමිණිලි විමර්ශනය කර බැලීම පමණක් නොව රජයට උපදෙස් ලබාදීමේ කාර්යභාරයටද විශාල බරක් ලබා දුන්නා.





2018-06-06
Advertisement

Find us on Facebook