English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නිදහසේ වේදිකාව නැවතත් වේදිකාවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතණයෙන් පසුව 2009 ජනවාරි 20 වන දින තවත් සිවිල් හා දේශපාලන සංවිධාන 54 ක් එක්ව නිදහසේ වේදිකාව නැමැති සිවිල් සංවිධාන පවුර කතා කිරීමේ හා ජීවත්වීමට ඇති අයිතිය ඉල්ලා විශාල ක්‍රියාකාරීත්වයක් රට තුළ නිර්මාණය කරණු ලැබීය. 

ඉන් පසුව මෙම පවුර තවත් ඉදිරියට පැමිණෙමින් ජනවාර්ගික සුහදතාවය හා සාමය, ඒකාධිපති ව්‍යවස්ථාව අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම, රාජ්‍ය ආයතන නිර්දේශපාලණීකරණය හා යහපාලනය සහතික කිරීම, මානව හිමිකම් හා  ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීම, සමාජ සාධාරණත්වය මත පදනම්වු ආර්ථික ක්‍රියාවලියක් ගොඩනැගීම යන පංචවිදි ප්‍රතිපත්ති දිනා ගැනීම සදහා දිස්ත්‍රීක්ක 15 ක් පුරා විහිදුනු සමාජ ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කරනු ලැබීය. මෙම ක්‍රියාකාරීත්වය තුළ විවිධ බලපෑම් මරණීය තර්ජනයන්ට මුහුණ දුන් අතර, කුරුණෑගල නගරයේ පැවති රැස්විමට කඩා වැදුනු එවකට පැවති රජයේ මැරයන්ගේ බරපතල පහරදීමකට ලක්වීමට සිදු විය.

2015 ඇති වූ යහපාලන රජය විසින් අප විසින් ඉදිරිපත් කරනු ලැබූ  ජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන කිහිපයක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒවා සක්‍රීය ලෙස සමාජ ගත කිරීමත් හා අලූත් ව්‍යවස්ථාවක් ගොඩනැගීම සදහා ගෙන ගිය ක්‍රියාකාරීත්වය පිළිබදව මහජන උනන්දුව ඇති කිරීමත්, ජාතිවාදී බලවේගයන්ට එරෙහිවත් නිදහසේ වේදිකාව පසුගිය අවුරුදු 3 තුල යම් ක්‍රියාකාරීත්වයක පසු විය.

මේ පොදු ක්‍රියාකාරීත්වය අතර තුර පසුගිය මාස කිහිපය තුළ නිදහසේ වේදිකාවේ ක්‍රියාකාරී කමිටුව තුළ ඇති වූ විවිධ මට්ටමේ සාකච්ඡා වට කිහිපයකින් පසුව වර්තමාන දේශපාලන තත්ත්වය තුළ නිදහසේ වේදිකාවේ ක්‍රියාකාරීත්වය නැවතත් ශක්තිමත් කළ යුතු බවටත්, නැවත ගොඩනැගෙමින් පවතින ජාතිවාදය එරෙහිවත්, දිනාගත් අයිතීන් සමාජගත කිරීමත්, තවමත් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනා ගැනීමත් සදහා පුලූල් ක්‍රියාකාරීත්වයකට පැමිණීමටත් ඊයේ (04) පැවති නිදහසේ වේදිකාවේ ජාතික ක්‍රියාකාරී කමිටුව තීරණය කරන ලදී.    

උදේ වරුවේ 19 ව්යවස්ථා සංශෝධනය සම්බන්ධව ගැඹුරු සාකච්ඡාවක් ඇති වූ අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයක් පැවැත්විනි. මේ සම්බන්ධව අදහස් දැක්වූ බොහෝ දෙනෙකුගේ මතය වූයේ 20 වන සංශෝධනය තුළින් ජනවාර්ගික ගැටලූවට විසදුම් සහිත බලය බෙදන නව ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ වැඩ පිළිවෙල මින් සම්පුර්ණයෙන් අවුල් කර ඇති බවයි. පවතින ව්‍යවස්ථාවට තව දුරටත් පැලැස්තර ඇලවීමෙන් ඇති විය හැකි ව්‍යසනයන් පිළිබදව අවබෝධයක් මේ කිසිවෙකුට නැති බවත්, දීර්ඝ කාලයක් සිවිල් සංවිධාන නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කළ අරගලය අත්නොහැරිය යුතු බවත් වෙනුවෙන් අප මූලිකත්වය ගත යුතු බවත් ප්‍රකාශ විය.

එමෙන්ම, පවතින දේශපාලන තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීම සදහා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට යොජනා වූ අතර ජූලි මාසයේ සම්මන්ත්‍ර දෙකක් වැලිගම හා හක්මන පැවැත්වීමටත් ජුලි මාසයේ කුරුණෑගල හා මහනුවර සම්මන්ත්‍ර දෙකක් පැවැත්වීමටත් යෝජනා විය. අනුව සෑම මසකම දිස්ත්‍රීක්ක 2 ප්‍රධාන සම්මන්ත්‍ර දෙක බැගින් පැවැත්වීමටත් තීරණය විය.

එමෙන්ම කලූ ජූලියට වසර 25ක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් ජූලි මාසයේ 26 වන දින කොළඹ දී පැවැත්වීමටත් සැලසුම් කරන ලදී. 




2018-06-04
Advertisement

Find us on Facebook