English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විගණන පනත් කෙටුම්පත තොරතුරු දැනගැනීමේ අයිතියට පටහැනියි - තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව

මේ වන විට පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙන විගණන පනත් කෙටුම්පතේ 9 (1) () වගන්තිය තෝරාගන්නා ලද රාජ්‍යතන අන්න්‍යායතනවලට සාපේක්ෂව වාසිදායක තත්ත්වයක තැබීමටත්, එවැනි ආයතනයන්හි නියමිත සහ නිසි ක්‍රියාකාරිත්වය පිළිබඳව තොරතුරු විමසන පුරවැසියන්ට එරෙහිව පොදුවේ තහනම් පැනවීමටත් පොදු වසමේ පවතින කෙටුම්පත් නීතීන් එවැනි ආයතන සඳහා පමණක් වූ වරප්‍රසාද සහිත වාතාවරණයක් ගොඩනගන්නේ යන්නත් සම්බන්ධයෙන් සාධාරණ ප්‍රශ්නයක් මතු කරන බව යෝජිත විගණන පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දක්වන තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන පනත් කොටුම්පතේ 9 (1) () වගන්තියේ සඳහන් වන විගණන කොමිෂන් සභාවේ සමාජිකයන් විගණන පනතින් යම් ධූරයකට පත් කරනු ලැබූ තැනැත්තෙකු හෝ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සඳහා සේවයේ යොදවනු ලබන සුදුසුකම්ලත් විගණනකාරයකු තම කාර්යයන් ඉටු කිරීමේදී තමාට දැන ගැනීමට ලැබුණු යම් තොරතුරක් පාර්ලිමේන්තුව ඉදිරියේ ලේඛනගත කිරීමට ප්‍රථමව හෙළිදරව් නොකළ යුතු බව සඳහන් කර ඇති බවත්, මේ පුළුල් තහනම මගින් තොරතුරු දැනගැනීමේ අයිතියට භයානක බලපෑමක් ඇති විය හැකි බවත්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව අවධාරණය කරයි.

මේ සංශෝධනය ව්‍යාතිරේඛී අවස්ථා වන්නේ පාර්ලිමේන්තුව විසින් කරන ඉල්ලිමක් හෝ අධිකරණ ආඥාවක් පමණක් බව පෙන්වා දෙන කොමිෂන් සභාව අදාළ පනත් කෙටුම්පත මගින් මේ ආරක්ෂාව කොන්දේසි විරහිතව මෙවැනි පුළුල් තහනමක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍යද යන්න පිළිබඳව කිසිඳු තක්සේරු කිරීමකින් තොරව එසේ තොරතුරු හෙළිදරව් කිරීමෙන් බරපතල අගතියක් වන්නේදැයි සොයා නොබලා පාර්ලිමේන්තුවට වාර්තාවක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කිසිඳු නිශ්චිත කාලවකවානුවක් සඳහන් නොකර ලබාදීමට යෝජනා කිරීම තොරතුරු දැනගැනීමේ අයිතියට බරපතල බලපෑම් එල්ල කරන බවද පෙන්වා දෙයි.

පනත් කෙටුම්පතේ සඳහන් ආකාරයට මෙම පුළුල් තහනම මගින් යම් තැනැත්තෙකුට එවැනි කරුණක් සන්නිවේදනය කිරීම හෝ කරුණකට අදාල පොත් ලියවිලි හෝ වෙනත් වාර්තාවල ප්‍රවේශ වීමට අධිකාරි නොලත් පුද්ගලයෙකුට ඉඩ හරිනු ලබන යම් සමාජිකයකු හෝ තැනැත්තකු හෝ සුදුසුකම්ලත් වෙනත් විගණනවරයකු වරදකට වරදකරු බව සඳහන් කිරීම තොරතුරුවලට ප්‍රවේශ වීම පුළුල් ආකාරයෙන් වැලැක්වීම සහ තොරතුරු අනාවරණය දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ නීතියට හා සාරය/ජීව ගුණයයටද පටහැනි බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

මුලාශ්‍රය - මව්බිම -2018 ජූනි මස 04 වෙනි දින




2018-06-04
Advertisement

Find us on Facebook