English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වූවන්ගේ කාර්යාල 12 තවමත් අතරමඟ
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා වන කාර්ය මණ්ඩලය මෙතෙක් බඳවාගැනීම් අවසන් කර නොමැති බව එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා සිටියි. සිය කාර්යාලය විසින් දීපව්‍යාප්ත ප්‍රාදේශීය කාර්යාල 12 ක් ස්ථාපිත කිරීමට නියමිත බවත්, අනුව එය සම්බන්ධ කාර්ය මණ්ඩල බඳවාගැනීම පළමුව සිදුකළ යුතු බවත් ප්‍රකාශ කළේය.

මේ වන විට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන මූලස්ථානය පමණක් ස්ථාපිත කර ඇති අතර දීපව්‍යාප්තව අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන් හා ඔවුන්ගේ හිතවතුන්ගේ අදහස් විමසීම් සිදු කරමින් පවතී. අනුව කාර්යාල පිහිටුවීම් හා වින්දිතයන්ගේ මත විමසීම් සමග ජූනි මස අවසන් වනවිටදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ පළමු පියවර අවසන් වෙනු ඇති බව සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

2018 මාර්තු 13 වෙනි දින වැඩ කටයුතු ආරම්භ කරන ලද අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය විසින් සියළුම අතුරුදහන්වූවන් පිළිබඳව පවතින පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමට නියමිතයි. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නැගෙන පැමිණිලි පැවති රජයන්ට මානව හිමිකම් කඩවීම් සම්බන්ධ චෝදනා එල්ල කිරීමටත් හේතුවක් විය. 2018 මැයි 12 වෙනි දින මන්නාරමෙන් ඇරඹි සාක්ෂි විමසීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රීක්ක කිහිපයක ක්‍රියාත්මක විය. මේ මස මුල්ම සාක්ෂි විමසීම ජූනි මස 02 වන දින මුලතිව් හීදී පැවැත්වීමට නියමිතය.

ක්‍රියාවලියේදී රාජ්‍ය ආයතනයන් හරහා ගමන් කළ යුතු නිසා ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදුවීම පිළිබඳව තොරතුරු වාර්තාවෙයි. දැනට ඔවුන් තාවකාලික වශයෙන් කාර්යාලය පිහිටුවාගෙන ඇත්තේ වෙනත් ස්ථානයකයි. සේවකයන් බඳවාගැනීම, ප්‍රාදේශීය කාර්යාල විවෘත කිරීම සිදුවීම ප්‍රමාදවෙමින් පවතින අතර, පත්ව සිටින සමාජික සමාජිකාවන්ගේ කැපවීම නිසා අවම පහසුකම් යටතේ වුවද වැඩ කටයුතු ක්‍රියාත්මකවෙමින් පවතී.

දැනටමත් ප්‍රමාද අතුරුදහන් වූවන්ගේ තොරතුරු ගවේශණය ඉතා ඉක්මන් කළ යුතු බව අයිතිය විශ්වාස කරයි.

 

මූලාශ්‍රය - රැස ( 2018 මැයි මස 31 වෙනි දින)




2018-06-02
Advertisement

Find us on Facebook