English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රොෂේන් ඝාතනයට වසර 07යි. කොමිසම් වාර්තාව බලාත්මක කර ගැනීමට මැදිහත් වන්නැයි මා.හි,කොමිසමෙන් ඉල්ලයි.

රොෂේන් චානක තරුණයා මිය ගොස් අදට වසර හතක් ගත වන අද දින රොෂේන් චානකගේ මව සහ සිවිල් සංවිදාන කිහිපයක් එක්ව විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කල අරගලයේදී දිවිපිදු හා තුවාල ලැබූ සේවකයින්ට මහානාම තිලකරත්න කොමිසම් වාර්තාවේ නිගමනයන් බලාත්මක කර ගැනීම සඳහා මැදිහත් වන ලෙසට මානව හිමිකම් කොමිසමෙන් ලිපියක් මගින් ඉල්ලා සිටියේය.

අද දින (01) මෙම ලිපිය මානවහිමිකම් කොමිසමේ අධ්‍යක්ෂිකාවක් වන අම්බිගා සත්ගුනනාදන් මියට බාර දෙනු ලැබූ අතර, එහිදී ඇය පවසා සිටියේ මේ පිළිබඳව කටයුතු කිරීම කඩිනමින් සිදු කරන බවයි.

2011 වසරේදී පුද්ගලික අංශයේ සේවකයින් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහි වීමට නිදහස් වෙළඳ කලාප කම්කරුවන් කල අරගලයේදී පොලිසිය කල වෙඩි තැබීමෙන් රොෂේන් චානක තරුණයා ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පිරිසක් සදාකාලිකව රෝගාතුර විය.

අද දින මානව හිමිකම් කොමිසම අසලදී සිවිල් සංවිධාන නියෝජිතයින් හා මිය ගිය රොෂේන් චානකගේ මව හා සොහොයුරා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්...


  




2018-06-01
Advertisement

Find us on Facebook