English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කොමිසමට උසස්වීමක්

ජාතික මානව හිමිකම් ආයතනයන් පිළිබඳ විශ්ව සංධානය (GANHRI) විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව “A” ශ්‍රේණිය හිමි කොමිෂන් සභාවක් ලෙස ශ්‍රේණිගත කර ඇත. GANHRI යනු ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ වූ විශ්ව සංධානයයි. පැරිස් මූලධර්මයන්ට අනුකූලව ජාතික මානව හිමිකම් ආයතනයන් මෙම ගෝලීය සංධානයේ පූර්ණ සාමාජිකත්වය දැරීමට සුදුසු වන්නේ ද යන්න පිළිබඳව නිර්ණය කිරීම මෙහි එක් ප්‍රධාන කාර්යයක් වේ.

ජාතික මානව හිමිකම් ආයතනයන් හි විශ්වාසනීයත්වය සහ සාධනීයත්වය නිර්ණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම මූලධර්ම ගෝලීය ප්‍රමිතීන් ලෙස පිළිගැනීමට ලක් කර ඇත.

පැරිස් මූලධර්මයන් යටතේ මූලික අවශ්‍යතාවයක් වන්නේ දේශීය මානව හිමිකම් යාන්ත්‍රණයන් නීතියෙන් පමණක් නොව තම කාර්යයභාරය ඉටුකිරීමේදී ද දේශපාලනික ස්වාධීනත්වය විදහා දැක්වීම වේග තවද, ජාතික මානව හිමිකම් ආයතනය සමාජයේ ඇති විවිධත්වය පෙන්නුම් කළ යුතු අතර, ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සුරැකීම සඳහා පුළුල් වරමක් එයට හිමිව තිබිය යුතුය.

“A” ශ්‍රේණිය හිමි ජාතික මානව හිමිකම් ආයතන ඇති දකුණු ආසියාතික රටවල් වන්නේ ඉන්දියාව හා නේපාලය පමණක් වන අතර, ආසියා ශාන්තිකර කලාපය පිළිබඳව සළකා බැලූවිට “A” ශ්‍රේණියට ඇතුලත් ජාතික මානව හිමිකම් ආයතන ඇත්තේ රටවල් 15ක් පමණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම තුලින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත්භාවයට පත් කිරීම මෙම තත්ත්වයට හේතු වූ බවට සඳහන් කළ හැකිය.




2018-05-31
Advertisement

Find us on Facebook