English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන් මධුෂ්ක හරිෂ් ද සිල්වාගේ නඩුව කල් යයි !
පසුගිය වසරේ සැප්තැම්බර් 02 දා සවස අනුරාධපුරය විජය පුර බෝගස අසළදි වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් මධුෂ්ක හරිෂ් ද සිල්වා යන අය පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම සම්බන්ධයෙන්, පොලිසිය විසින් පවරන ලද නඩුව ඊයේ එනම් සැප්තැම්බර් 02 වන දා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදි විභාග වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වූ අතර  නැවත නඩුව විභාගයට ගැනීම 2014 නොවැමිබර් 04 වන දිනට කල් තබන ලදී.

වින්දිත පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ප‍්‍රියලාල් මහතා ද නීතිඥ නිමන්ති ප‍්‍රනාන්දු මෙනවිය හා නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර මෙනවිය ද පෙනී සිටියහ. එහිදී පොලිසිය විසින් කරුණු දක්වා සිටියේ තවමත් විමර්ෂණ කටයුතු අවසන් කළ නොහැකි වූ බවත් ඉදිරි නඩු වාරයේදී විමර්ෂණ කටයුුතු අවසන් කොට වාර්තාවක් ඉදිරිපත් කරන බවත්ය.

මධුෂ්ක පැහැර ගෙන ගොස් එදිනට වසරක් පිරී තිබුණත් එ් වන විටත් එ් සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය අසමත් වීම විසුළුවකි. අද ලංකාවේ ජංගම දුරකථනයක් අතුරුදහන් වුවද නවීනතම තාක්ෂණික උපක‍්‍රම භාවිත කරමින් පොලිසිය විසින් එය සොයා දෙන අවස්ථා  ඕනෑතරම් ඇත. නමුත් මේ අතුරුදහන්ව ඇත්තේ මනුශ්‍ය ජීවිතයක් වන අතර, භාණ්ඩයක් සොයාගැනීම වෙනුවෙන් යොදවන අවධානය හා දායකත්වය මේ සඳහා යොදවා නොමැත්තේ ඇයිද යන්න ප‍්‍රශ්නයකි.



එම අවස්ථාවේදී මධුෂ්ක සමඟ පැහැර ගෙන ගිය අනෙක් දෙදෙනාම මුදා හැර ඇති බැවින් ඔවුන්ගේ සාක්ෂි ලබා ගෙන ක‍්‍රමවත් විමර්ෂණයක් පැවැත්වීමට අවස්ථාව හොඳාකාරවම තිබියදීත් එය අතපසු කළේ මන්දැයි ගරු මහේස්ත‍්‍රාත්තුමිය ද පොලිස් නිලධාරින්ගෙන් විමසා සිටියේය.

පොලිසිය පාර්ශ්වයෙන් එම නඩුවට දක්වා ඇත්තේ ඉතාම අඩු අවධානයක් බව ඊට පෙනී සිටි නීතිඥයින් ලෙස අපට හැඟී ගියේ මධුෂ්කව පැහැර ගෙන ගොස් ඇත්තේ පොලිසිය බවට සැක කරන බව ද ඔවුන් දැන ගත්තේ එම අවස්ථාවේදී බැවිනි. නමුත් පොලිසියට කරන ලද පැමිණිල්ලේද ඒ බව පැහැදිලිව සඳහන් කොට ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වූ අතර  නැවත නඩුව විභාගයට ගැනීම 2014 නොවැමිබර් 04 වන දිනට කල් තබන ලදී. එය තවත් එක් නඩු වාරයක් පමණක්ම නොවිය යුතුය.

එදා උතුරේ පැවති යුද්ධයේදී මිනිසුන් සිය ගණනින් අතුරුදහන් වූහ. දැන් යුද්ධය අවසානය. එ්ත් තවමත් මිනිසුන් අතුරුදහන් කරවති. 2013 සැප්තැම්බර් මස 02 වන දින අනුරාධපුරයේදී සුදු වෑන් රියකින් පැහැර  ගෙන ගිය මධුෂ්ක හරිෂ් ද සිල්වා අද වන තුරු නිවසට පැමිණ නැත. ”අපි පොලිසියෙන්” යයි කියමින් මධුෂ්ක සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු පැහැර ගත් පිරිසක්  ඔවුන්ට දරුණු ලෙස පහර දී මිතුරන් දෙදෙනා මුදා හැර තිබුණත් මධුෂ්කට සිදු වූ දේ තවමත් දන්නේ දෙවියන් පමණි. මධුෂ්ක පැහැර ගෙන යන විට ඔහුගේ බිරිඳ ගැබ් ගෙන සිටි අතර පැහැර ගෙන යාමෙන් තෙමසකට පසු ඇය නිවුන් දරු දෙදෙනෙකු බිහි කළාය. මේ කථාව වඩාත් ඛේදනීය වන්නේ මධුෂ්කගේ නිවුන් දරු දෙදෙනා තවමත් ඔවුන්ගේ පියා දැක නොතිබිමයි.

-    නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර
ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා



2014-09-03
Advertisement

Find us on Facebook