English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


රොෂේන් චානකගේ සත්වර්ෂ පූර්ණ සැමරුම මානව හිමිකම් කොමිසම අභියසදී

රොෂේන් චානකගේ සත්වර්ෂ පූර්ණ සැමරුම මානව හිමිකම් කොමිසම අභියසදී 2018 ජූනි මස 01 වෙනි දින පෙරවරු 10.00  බම්බලපිටිය මානව හිමිකම් කොමිසම් කාර්යයාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.


රොෂේන් චානක ඝාතනයට ලක්වූයේ 2011 ජූනි මස 01 වෙනි දින කටුනායක නිදහස වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ වෘත්තීය අරගලයක් මැඩ පැවැත්වීමට පොලිසිය වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම නිසාය. එදින සිදුවූ මර්ධනය නිසා සියගණනක් තුවාල ලබා රෝහල් ගත වීමට ද සිදුවිය.  සිදුවූ මෙම මර්ධනය සහ ඝාතනය නිසා රජය දැඩි අපහසුතාවයට පත්වූ අතර, එය සාධාරණීකරණය කිරීමට විවිධ හේතු ගෙනහැර පෑමට සිදුවිය.

ඝාතනය සිදුවූ දිනයේ සිට පවුලේ හිතවතුන් සහ සිවිල් සංවිධාන මේ ගැන යුක්තිය ඉල්ලා නොනවතින අරගලයක නියැලිනි. ඒ හේතුවෙන් මහානාම තිලකරත්න විශ‍්‍රාමික විනිසුරුවරයා කොමිසම පත්කර පරීක්ෂණයක් ද කිරීමට සිදුවිය.

මෙවර උද්ඝෝෂණය පවත්වන්නේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද පරීක්ෂණයේ නිර්දේශ එළිකිරීමටත්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් ඉල්ලා බලකිරීමටය.




2018-05-30
Advertisement

Find us on Facebook