English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“20 වෙනි සංශෝධනය කාලෝචිතයි” පුරවැසි බලය කියයි.
  •          
ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි සංශෝධනය ගැන තමන්ගේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කිරීම සඳහා පුරවැසි බලය විසින් අද (30) දින,කොළඹ 10,සාමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඔවුන් කියා සිටියේ මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කාලෝචිත බවත්, තමන් එයට සහය දක්වන්න සුදානම් බවයි.

1994 සිට පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම, ජනාධිපතිවරියක්ම  තමන්ගේ මැතිවරණ ප‍්‍රකාශයේ ඒකාධිපති ජනාධිපති ව්‍යවස්ථාව අහෝසි කරන බවට ප‍්‍රකාශ කර බලයට පැමිණි අය බවත්, ඔවුන් බලයට පත්වූ පසු බලය නිසාම එම ප‍්‍රතිපත්තිය පවා දෙමින් කටයුතු කළ බවත් සෑම අදහස් දැක්වීමකදීම ප‍්‍රකාශ විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන මෙම සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු බවත් අදහස් දැක්වූ බොහෝ දෙනෙක් පැවසුවෝය.

  

මෙම පුවත්පත් සාකච්ඡාවේදී ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, අධිනීතිඥ ලාල් විජේනායක, නීතිඥ ජාවෙඩ් යුසෆ්, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ධර්මසිරි බණ්ඩාරනායක, කේ.ඩබ්. ජනරංජන, සුනිල් පෙරේරා, ලූෂන් බුලත්සිංහල එම්.ඞී.මහින්දපාල, මහින්ද රත්නායක, මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි විය.




2018-05-30
Advertisement

Find us on Facebook