English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විසිවෙනි සංශෝධනය ජනමාධ්‍යයට වෙත

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කෙටුම්පත අද දින (28) ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලදි. ඒ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා මෙම සාකච්ඡාවට සහභාගි විය.

කෙටුම්පතෙහි අඩංගු මූලික කරුණු මෙසේය.

1.        ජනාධිපතිවරයා තෝරාගැනීම පාර්ලිමේන්තුවෙන් සිදුවේ.

2.        ජනාධිපතිවරයාගේ ධූර කාලය පාර්ලිමේන්තුවේ ධූර කාලයට සමාන වන අතර එය වසර පහකි.

3.        නව පාර්ලිමේන්තුව පත්වීමෙන් සති 04 ක් ඇතුළත රහසිගත ඡන්දයකින්, පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රී වරුන්ද ඇතුළුව සාමාන්‍ය බහුතරයකින් ජනාධිපතිවරයා පත් කරගත යුතුය.

4.        ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියා, සේනාධිනායකයා සහ රාජ්‍ය නායකයා යන වගන්තියෙන්      ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස පැවති බලය ඉවත් වේ.

5.        ජනාධිපතිධුරයේ කටයුතු කරන කාලය තුළ කිසිඳු පක්ෂයක ධුරයක් හෝ සමාජිකයෙකු නොවිය යුතුය.

6.        වරදකරුවෙකුට සමාව ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ මත එම නාමලේඛනය සඳහා නමින් නමට විමසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුයි.

7.        විදේශ දූත සේවා සඳහා පිරිස් පත් කිරීමේදී එම බලය කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ.

8.        මහ මැතිවරණයකදී යම් පක්ෂයක් අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු නම් කළ අවස්ථාවේ එම නම් කරනු ලැබූ පක්ෂය 50% කට වැඩි බලයක් ලබාගන්නේ නම් ඔහු අග‍්‍රාමාත්‍යධූරයට පත්වේ.

9.        එසේ කිසිඳු පක්ෂයක් 50% කට වැඩි බලයක් ලබාගැනීමට අපොහොසත් වූ අවස්ථාවේදී    පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට හැකි පුද්ගලයෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගත හැකිය. 

10.       ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ සේවක පිරිස තීරණය කිරීම කැබිනට් මණ්ඩලය විසින් සිදු කරනු    ලැබේ.





2018-05-28
Advertisement

Find us on Facebook