English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


20 වෙනි සංශෝධනය, සුළු ජන කොටස්වල හීන බිඳවැටීමක්!
  • මානවහිමිකම්ක්‍රියාධරසහඌවශක්තිපදනමේසභාපති සුරේෂ්නඩේසන්මහතා 20 වන සංශෝධනය සුළු ජාතීන්ගේ හීන බිඳ වැටීමක් බව “අයිතිය” වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පැවසීය.

2015 ජනවාරි 08 අපි බලාපොරොත්තු වුනු වෙනස තමයි සියළුම ජනතාව ඒකරාශි වෙලා මේ රටේ සම්පූර්ණ ජනතා ප්‍රතිසංස්කරණයක් ඇති කරන්නට. එහිදී මූලික සාධකයක් තමයි සුළුතර ජන කොටස්. මම නියෝජනය කරන්නේ සමස්ත වතුකර ජනතාව. සිවිල් සංවිධාන නායකයෙක් වශයෙන් මම දකින දේ තමයි විධායක ජනාධිපතිධූරය කියන්නේ බලසම්පන්න දෙයක්. අපි බලන්න  ඕන එය මෙතෙක් ක්‍රියාත්මක වුනු විදිය. ජනතා බලාපොරොත්තු ඉටු වෙන ආකාරයට විධායක ජනාධිපතිධූරය ක්‍රියාත්මක කළ හැකි විදිය ගැන අපිට බලන්න වෙනවා.

19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න පරිසරය සූදානම් කරලා තියෙන වෙලාවක 20 සංශෝධනය ඉදිරිපත් කරලා විධායක ජනාධිපතිධූරය ඉවත් කරන්න යනවා. මේක ඉතා භයානක තත්ත්වයක්. සුළු ජන කොටස් පවතින ජාතික ආණ්ඩුව කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටිනවා. මෙවැනි යෝජනා තුලින් එම ජනතා විශ්වාසය බිඳ වැටෙනවා. මේ යෝජනාවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සියළු ජනකොටස්වල ඡුන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් මේ රට පාලනය කළ යුතුයි. එයයි ප්‍රජාතන්ත්‍රවාදය. එයයි ගොනැගිය යුතු විස්වාසය.

20 වෙනි සංශෝධනය ආවොත් එයින් විශ්වාසය කඩවීමක් සිදුවෙනවා. අපි ඒකමතිකව ඊට විරුද්ධව සටනට එනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණමෙය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම භයානක තත්ත්වයක් වනවා. මේ වෙලාවේ සිදුවිය යුත්තේ සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්. එහිදී විධායක ජනාධිපති ක්‍රමය කොහොමද භාවිතා කරන්නේ කියලා අපි බලන්න  ඕනා.

තවමත් රණවිරුවන් සමරන, වෙනුවෙන් උත්සව පවත්වන, සිංහල බෞද්ධ යැයි කියාගන්නා ව්‍යාපාර මතුවෙන කොට සුළුජන කොටස් බයවෙනවා. 19 වෙනි ව්‍යවස්ථාව සම්පූර්ණ කළ යුතුයි. සියළුම කොමිසන් සභා ක්‍රියාත්මක විය යුතුයි. ජනාධිපති, අගමැති බලතල නිවැරදිව සකස් විය යුතුයි. සුළුතර, වතුකර ජනකොටස් වෙනුවෙන් ඉල්ලන්නේ අපි එකා සේ සිටිය යුතුයි. නිවැරදි තීරණයක් ගත යුතුයි.

ඔහු දැක්වූ තවත් අදහස් පහත වීඩියෝවෙන්...


 




2018-05-28
Advertisement

Find us on Facebook