English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අලූත් ව්‍යවස්ථාවක් වෙනුවට පරණ එකට තවත් සංශෝධනයක්...?
         
ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඊයේ (25) පාර්ලිමේන්තුවේ මහලේකම්ට අද බාර දෙන ලදී.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති පත්කිරීම පාර්ලිමේන්තුවට පැවරෙන අතර, ජනාධිපතිවරයා සතුව තිබු සමහර බලතල ප්‍රමාණයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා සතුව තිබූ විධායක බලතල සමහරක් කැබිනට් මණ්ඩලයට පැවරීම සදහා මින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

යහපාලන රජයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ පවතින ඒකාධිපති ව්‍යවස්ථාව වෙනුවට ජනාධිපති ධූරය අහෝසිකර ජනවාර්ගික ගැටලූවට විසදුම් ලබා දීම සදහා අවශ්‍ය බලය බෙදීමක් සහිත අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට කටයුතු කරන බවයි.

අනුව අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් සේ රැස්ව, සියලූ පක්ෂ නායකයන්ගෙන් සමන්විත නියාමන කමිටුවක් සහ සියලූ පක්ෂ සාමාජිකයන්ගෙන් සමන්විත අතුරු කමිටු හයක් පත්කරනු ලැබූ අතර, ප්‍රථම වතාවට අලූත් ව්‍යවස්ථාවක් ගොඩනැගීම සදහා මහජන අදහස් ලබා ගැනීමක් සිදු විය. මෙම අතුරුකමිටු හය අවස්ථා කිහිපය දී රැස්වී එම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇති අතර, ලංකාව පුරා ගමන්ගත් මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ලබා දී තිබේ. ඉතිරිව තිබුනේ මින් මෙම කමිටු වාර්තා සම්පිංඩනය කර අවසන් කෙටුම්පත සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණි.

නමුත් මෙම ක්‍රියාවලියට ඒකාබද්ධ විපක්ෂ ඇතුළු 2015 පරාජිත කණ්ඩායම් බාහිරව සිටිමින් ව්‍යවස්ථාව ගැන ගෝනි බිල්ලක් මවමින් ජනතාව අතර, විශාල අවුල් සහගත තත්ත්වයක් ඇති කළේය. මහා සංඝරත්නය ගැන විශාල විරෝධයක් මතු කරන ලදි. රජය මගින් කරුණු පැහැදිලි කිරීම් සිදු කළ ද, එම විරෝධය සමනය කිරීමට තරම් එය ප්‍රබල නොවිනි.

අලූත් ව්යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටි බොහෝ අය මෙම පරාජිත බලවේගයන්ට බියවීම නිසා පසුගිය කාලය තුළ ඉතා නිවට සහ නියාලූ ලෙස කටයුතු කරනු ලැබූ අතර, එය වඩාත් කැපී පෙනුනේ පසුගිය පලාත් පාළන මැතිවරණයේ දී ආණ්ඩුපක්ෂයේ හා මේ වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙම සාකච්ඡාව මැතිවරණ සමයේ දී ඉදිරියට නොගැනීමෙනි. එය කෙතරම් පාඩුවක්ද යන්න පැහැදිලි වුයේ පලාත් පාලන මැතිවරණයත් සමග අලූත් ව්‍යවස්ථාවක් සම්බන්ධ කතිකාව සම්පුර්ණයෙන් අඩපන වීමෙනි.

අද එය තව දුරටත් තහවුරු කරමින් අලූත් ව්‍යවස්ථාවක් පිළිබදව අදහස සම්පුර්ණයෙන් අතහැර දමා පවතින ව්යවස්ථාවට පැලැස්තර දැමීම සදහා 20 ව්‍යවස්ථාව සංශෝධනය ගෙන ඒම තුලින් පැහැදිලි වේ. අයිිතිය” මෙහිදී අවධාරණය කර සිටින්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහය තව දුරටත් රජය මගින් දරා සිටීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් බවයි.




2018-05-26
Advertisement

Find us on Facebook