English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඥණසාරට වැඩ වරදී

පැහැරගෙන ගිය මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට 2016 ජනවාරි 25 වෙනි දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තුළදී සාපරාධී බිය ගැන්වීම් සහ සාපරාධී අඩන්තේට්ටම් කිරීමේ වරදට (දණ්ඩනීති සංග‍්‍රහයේ අංක 386 දරණ සාපරාධී අඩම්තේට්ටම් කිරීම සහ අංක 486 දරණ සාපරාධී බිය ගැන්වීම්) බෝදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා තීන්දුව ප‍්‍රකාශ කළේය. දඩුවම් නියම කිරීම ජූනි 14 වෙනි දින සිදු කිරීමට නියමිතයි.

2016 වසරේ ජනවාරි 25 වෙනි දින එවකට විනිසුරුව සිටි රංග දසනායක මහතාටද අපහාස කරමින්, අධිකරණය තුළ සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ඇඟේ හැපෙමින්, ඇයව තල්ලූ කරමින්, ”තෝගේ මිනිහා කොටියෙක්. තෝ ගිහින් හිඟාකාපිය” යනුවෙන් තර්ජන කළේය. සන්ධ්‍යාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දිලීප පීරිස් මහතාට බැන වදිමින් ” මං රජයේ නිලධාරීන්ට බයවෙන්නේ නැතැයි” පවසා, විනිසුරුට ඇඟිල්ල දිගුකරමින් ”මම කළු සුද්දන්ගේ නීතියට බිය නැතැ”යි පැවසුවේය. තවදුරටත් තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කළ ඥාණසාර හිමියන් ”කොටියන් එළියේ. අපේ කොල්ලෝ ඇතුලේ. පාලකයෝ වගයක් ඇවිල්ලා රටයි, ජාතියයි පාවාදෙනවා”යි පැවසුවේය. ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමට වෙනම නඩුවක් විභාග වේ.

මෙම නඩුව සමත මණ්ඩලයට යොමු කළද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සාමදානවීම ප‍්‍රතික්ෂේප කළාය. දඩුවම් නියම කිරීමේදී අධිකරණයට බලපෑම් කිරීමක් සිදු වනු ඇත. ඥාණසාර ජනාධිපතිවරයා සමග ජපාන සංචාරයක නියැලීම සහ ජාතික බෞද්ධ උත්සවයේ පැවති ධර්මදේශනය වෙනස් කරමින්, ඥාණසාර හිමියන් ධර්ම දේශනයක් සිදුකිරීමෙන් එතුමන් සහ රජය අතර, තිබෙන සම්බන්ධකම් පිළිබඳ තත්ත්වය පැහැදිලි කරයි. ඊට අමතරව ඥාණසාර හිමියන් වටා සිටින කණ්ඩායම් දඩුවමේ තීන්දුව ලැබෙන තුරු නිහඩව සිටිතැයි සිතිය නොහැක.

අධිකරණ ස්වාධීනත්වය ගැන සටන් කළ ”අයිතිය” මේ අවස්ථාවේදී ද අධිකරණයේ ස්වාධීනත්වය ගැන බලාපොරොත්තු තබාගෙන සිටියි. 




2018-05-25
Advertisement

Find us on Facebook