English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම OMP යේ ප්‍රධාන වගකීමක් - නීතිඥ සාලිය පීරිස්


අතුරුදවුවන් පිලිබඳ සොයාබැලීමේ කාර්යාලයේ (OMP), කොමසාරිස්වරු හා අතුරුදන්වූවන්ගේ පවුල් වල ඥාතීන් හමුවීමේ වැඩටහන පසුගිය 19 වනදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. එහිදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කොමසාරිස් වරුන්ගෙන් විමසා සිටියේ, කොමිසම හමුවේ දෙන සාක්ෂිවල රහස්‍යභාවය කෙසේද යන්නයි.

එහිදී නීතිඥ සාලිය පීරිස් මහතා මෙසේ පිළිතුරු දෙනු ලැබීය.

“මෙම කාර්යාලයේ ප්‍රධාන වැදගත් අංගයක් තමයි, අපට ලබාදෙන තොරතුරු රහසිගතව පවත්වා ගෙනයාමට ඇති හැකියාව. අනෙකුත් කොමිෂන් මෙන් ප්‍රසිද්ධියේ සාක්ෂි ගැනීමට අවශ්‍යතාවයක් නෑ. රහසිගතව සාක්ෂි අරන්, විමර්ශනය කිරීමේ හැකියාව තියෙනවා.

අපිට පැවරිලා ඇති වගකීමක් තමයි සාක්ෂිකරුවන් හා විදිතයින් ආරක්ෂා කරන එක. සාක්ෂිකරුවන්ට තර්ජන තියෙනවානම් ඒවාට උදව් වෙන්න අපි බැඳිලා ඉන්නවා.

ඒ වගේම යම් අපරාධයක් උනා කියල විමර්ශනවලින් එලි උනොත් අදාළ බලධාරීන්ව දැනුවත් කරන්න බලයත් අපට තියෙනවා.

දශක දෙක තුනකටත් වැඩිය ගිහින් තිබයදීත් මේවා අනාවරණය කොලොත් තමන්ට හා තම පවුල් වලට තර්ජනයක් වෙයිද කියල, මේ සාක්ෂි අනාවරණය කරන්න හිතේ බයක් සමහරුන්ගේ හිත් වල තියෙන්න පුළුවන්. එක නිසා අපිට සාක්ෂිවල රහස්‍ය බාවය රකින්න බලය අපට තියෙනවා.”

තවද, “මේ කාර්යාලය ඇමතිවරයෙක්ට යටත් වෙලා නෑ , හිටියත් ඔවුන් ඉන්නේ පරිපාලනය සඳහා පමණයි. අපි ස්වාධීනයි. අපි දිගටම හිටියෙත්, ඉන්නෙත්, මෙම කාර්යාලය ජනාධිපතිතුමාගේ යටතේ තිබෙන්න ඕනා කියන මතයේමයි.” යැයිද ඔහු සඳහන් කළේය.




2018-05-23
Advertisement

Find us on Facebook