English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඉරනතිව් ඉරණම!

ඉරනතිව් යනු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානයකි. එය දූපතකි. ඊට වසර 100 වඩා වැඩි ඉතිහාසයක් තිබේ. එය ඉරනතිව්, ආමයිතිව්, කදිරයිතිව්, ඉරනෛතිව් ලෙස හඳුන්වා දී තිබේ. එය කොරල්පර, වැලි කඳු වලින් ගහණ ස්වාභාවික සම්පත් වලින් අනූන දූපතකි.

1992 පෙර ඉරනතිව් ග‍්‍රාමසේවා කොට්ඨාශ හතකට අයත් පවුල් 190 ක් ජීවත් වූ අතර, ස්ථිර නිවාස 125 ක්, පාසැලක්, රෝහලක්, තැපැල් කාර්යාලයක්, ජපමාල මාතා දේවස්ථානය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, ලූර්දු මාතා ගුහාව, ප‍්‍රජා ශාලාව, ප‍්‍රාදේශීය සභාව එහි පිහිටා තිබිනි. දේවස්ථානය හා පොදු කාර්යාලවල පානීය ජලය ගබඩා කිරීම සඳහා වන උමංස්ථාන පවා සකස් කර තිබුනි.

1992 වර්ෂයේ දී හමුදා කටයුතු සඳහා මෙම ඉඩම් පවරා ගන්නා ලද අතර ධීවර කර්මාන්තය ඇතුළු අනෙක් පාරම්පරික රැකියාවන් කිරීම ඉන් ඇහිරිනි. යුද්ධය අවසන් වී වසර ගනනාවක් ගියත් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම සිදු නොවූ නිසා තම ඉඩම් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයක දී බලදාරින්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවත ඊට සුබවාදී ප‍්‍රතිචාරයක් නොලැබුනි. එහි ප‍්‍රතිඵලය වුයේ ඉරනතිව් ජනතාව 2017 මැයි මස 01 වෙනි දින සිට තම ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා අඛණ්ඩ ක්‍රියාකාරීත්වයක් ඇරඹීමයි. එම ක්‍රියාකාරීන් අතර පාගමන්, සංදේශ බාරදීම්, පාරවසා පැවැති උද්ඝෝෂණයන්, කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ, ජනාධිපති අතිරේක ලේකම් සමග සාකච්ඡාව, ජනතාව තමන්ගේ ඉඩම්වලට ඇතුලත් වී මායිම් ලකුණු කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවට පෙත්සමක් බාරදීම, මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කිරීම හා පෙත්සමක් බාරදීම වැනි දේය.  

ඒ කිසිවකින් ප‍්‍රථිපලයක් නොලැබි නිසා 2018 අප්‍රේල් 23 වෙනි දින මෙම ඉරනතිව් ජනතාව තම පාරම්පරික භූමියට පැමිණ පදිංචි වූවේය. ඉන් අනතුරුව 2018 මැයි 15 වෙනි දින නාවික හමුදා අඥාපති, නැවත පදිංචි කිරීමේ ලේකම්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, පුනගරි ප‍්‍රාදේශය ලේකම්, ඇතුළු නිලධාරීන් ඉරනතිව් ප‍්‍රදේශයට පැමිණ පවුල් 190 කට ඉඩම් නිල වශයෙන් ලබා දෙන බව පොරොන්දු වී තිබේ. මේ කාලය තුළ ආරක්ෂක රාජ්‍ය ඇමති දෙවරක් එහි සංචාරය කර ඇති අතර ජනතාවට නැවත පදිංචි කරන බව බවට පොරොන්දු ලබා දී තිබුනි. නිලධාරීන් පැමිණ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසුව ජූනි 15 වෙනි දින ඔවුන් ඉඩම් මැනීමට නැවත පැමිණෙන බව පවසා තිබේ.

එහි තිබු ඔවුන්ගේ පැරණි නිවාස වල්වැදී ඇත. ගරා වැටි ඇත. බිත්ති පමණක් ඇති නිවාස බොහෝය. කැළය ගෙබිම ආක‍්‍රමණය කර ඇත. ලිං විනාශ වී ඇත. නිවෙස් තිබූ ස්ථාන හඳුනාගැනීමට පවා නොහැකිය. අවශේෂ ගොඩනැගිලි පවා විනාශ වී ඇත. ජීවිතය අලූතින් ආරම්භ කළ යුතුය. පාරවල් නැවත සකස් කළ යුතුය. වැසිකිලි පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ගෙවතු පිරිසිදු කිරීමට උපකරණ, කූඩාරම් පහසුකම් ඔවුන්ට අවශ්‍යව තිබේ. 

 

එමෙනම 1992 සිටි පවුල් 190 දැන් පවුල් 400 බවට පත්ව ඇත. මේ නිසා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තවත් වැඩි වී තිබේ. ඔවුන්ට මේ වන තෙක් රජයෙන් බලාපොරොත්තු වූ සහනාධාර ලැබී නැත. ජීවිතය ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය දේ බොහෝය. දැන් ඔවුන් ගස් යට සකස් කර ගන්නා ලද හෙවනක ජීවත් වෙයි. ඔවුන් මූලික  අවශ්‍යතා සපුරා ගැනීමේ අරගලයක යෙදී සිටියි. ඒ සඳහා ඔවුන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන් හි සහාය බලාපොරොත්තු වෙයි. 

මේ කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් ධීවර සහයෝගිතා ව්‍යපාරයේ අනුග‍්‍රහයෙන් ඉරනතිව් ජනතා නියෝජිතයන්ගේ සහයෝගයෙන් 2018 මැයි මස 22 වෙනි දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ දී පවත්වන ලදි.




2018-05-22
Advertisement

Find us on Facebook