English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන් කරවීමට එරෙහි අන්තර්ජාතික දිනය !

අතුරුදහන් කරවීමට එරෙහි අන්තර්ජාතික දිනය අගෝස්තු 30 වන දිනට යෙදී ඇත්තේ ඥතින්ට හා නෛතික නියෝජිතයින්ට කිසිදු දැනුම් දීමක් සිදු නොකොට සිර භාරයට ගෙන විවිධ ස්ථානයන්හි රඳවා ගෙන සිටින පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කරවීමටයි.

ලුතින් ඇමරිකානු රටවල රහසිගතව අත් අඩංගුවේ තබා ගෙන සිටින හා අතුරුදහන් කරවා ඇති පුද්ගලයින් සම්බන්ධව ක‍්‍රියාකාරිව ඉදිරිපත් වූ දේශීය හා කලාපීය කණ්ඩායම් 1981 දී කොස්ටාරිකා හි ඇති කර ගන්නා ලද රාජ්‍ය නොවන සංවිධානයක් වන Latin American Federation of Associations for Relatives de Detained disappeared මඟින් පන්නරය ලබමින් මෙම ජාත්‍යන්තර දිනය නිර්මාණය විය.

අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිිනය මානව හිමිකම් ක්ෂේත‍්‍රය තුළ ක‍්‍රියාකාරි ජාත්‍යන්තර  සංවිධානයන් ඇගයීමට ලක් කිරීමටද, අතුරුදහන් කරවීම් හා මානව හිමිකම් සම්බන්ධව ජනතා අවබෝධය පුළුල් කිරීමටද, එ් සම්බන්ධයෙන් ක‍්‍රියාකාරි වීමට ස්වේච්ඡුා සේවකයින්ට ආරාධනා කිරීමටද යොදා ගනී. අතුරුදහන් කරවීම යන්නෙහි අර්ථය කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් වින්දිතයින් අතුරුදහන් කරවීමක් යන්න ඉක්මවා ගිය එකකි. යම් ගැටුමක්, ස්වභාවික ආපදාවක්, හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා තම පවුලේ සාමාජිකයින් සමඟ පැවති සබඳතා අහිමි වූ සියල්ලන්ම අතුරුදහන් වූවන් යටතට වැටේ. මෙම අතුරුදහන් කරවීම් පුද්ගලයින් රඳවා තබා ගැනීමක්, විදේශ රටවල රඳවා තබා ගැනීමක්, රෝහල්ගතව සිටීමක් හෝ මිය ගොස් සිටීමක් ද විය හැක.

ජාත්‍යන්තර මානුෂවාදි නීතිය අනුව යුධ ගැටුම් හේතු කොට ගෙන රහසිගතව රඳවා තබා ගැනීම බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි. මනුශ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස පිළිගත් අතුරුදහන් කරවීම තුරන් කිරීම සඳහා එක්සත් ජාතින්ගේ සියලූ පුද්ගලයින් අතුරුදහන් කරවීමට එරෙහි අන්තර්ජාතික සම්මුතිය International Convention for the Protection of all persons from Enforced Disappearance (ICCPED) පනවා ඇති අතර එය එක්සත් ජාතින්ගේ වධහිංසාවට එරෙහි අන්තර්ජාතික සම්මුතිය ආදර්ශයට ගනිමින් නිර්මාණය වූවකි.


-  නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර
ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා



2014-09-03
Advertisement

Find us on Facebook